මේ සැළලිහිණි සන්‍දේශයේ කවිය කි.
මිතු | රු තුමෝ දුක් සැප දෙකෙහි ම | පැවති |
බිතු | සිතුවම් රූ මෙන් පිටු | නොපාවිති |
යුතු | මතු වැඩම තෙපළ එවැනි ගුණ | ඇති |
සිතු | නතු කර අස යහළුව වඩන | රුති |
දුකේ දීත් සැපේදීත් නොසැලී එකසේ සිතමින් ලඟින් සිටින මිත‍්‍රයා නියම මිත‍්‍රයෙකි. ඔහු හරියට බිත්තියක ඇඳි සිතුවමක් වැනිය. එම සිතුවම් කවදාවකවත් බලන කෙනාට පිටු නොපායි. එමෙන්ම සෑම කල්හිම යහපතක් සිදුවනදෙය ඔහු කරන අතර අනෙකාටද හොඳ දෙයක්ම කියා දෙයි.
උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.
No comments:
Post a Comment