2008-08-11

දවසේ කවිය: 2008-08-06

ත්‍රිපිටකයෙහි ඛුද්දක නිකායේ පාරායන වග්ගයේ සුත්ත නිපාතයේ අජිත සූත්‍රයෙන් උපුටා ගන්නා ලදී. අජිත තවුසාගේ පැනයට බුදු රදුන් ගේ පිලිතුර.

පබැඳුම: පූජ්‍ය තල්ගස්වැවේ සීලානන්ද ස්වාමීන් වහන්සේ

ලොවේ සිටින සියලු සතුන් අවුරා ඇති දේමොකක්ද?
තමන් එලෙස වැසී සිටින බව නොදකින දේමොකක්ද?
සැම සතුනගෙ ජිවිතවල තැවරී ඇති දේමොකක්ද?
සෑම දෙනට මුහුණ දෙන්න සිදුවන මහ බියමොකක්ද?

 

වැසී ඇත්තෙ ලොවේ සැමසත අවිදු අඳුරිනි සැමඅතින්
ප්‍රමාදය හා මසුරුබව ඇති දනන් නොදනී එයසිතින්
තැවරි ඇත්තේ ජීවිතේ තණහාවෙනුයි මනසින්නිතින්
දුක තමයි හැම දෙනා හට බිය වෙන්න ඇති මහ බයඉතින්

උපුටා ගත්තේ නන්දලාල් ගුණරත්න

No comments: