2008-08-05

දවසේ කවිය: 2008-08-04

මේ ළමා කවියකි

මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ
පැහිල ඉදිල බිමට වැටිල බරවෙලා අතු
නංගිට යි මට යි ගෙඩි දෙකක් ඇති
වැඩිය කඩන නරක ළමයි එම නොවේ අපි

උපුටා ගත්තේ නන්දලාල් ගුණරත්න.

2 comments:

නාමල් උඩලමත්ත said...
This comment has been removed by the author.
නාමල් උඩලමත්ත said...

පෙර දවස මෙරට පැවති සරළ දිවි පෙවෙත ධ්වනිත කෙරේ. එදවස අප මුතුන් මිත්තෝ බහු භාණ්ඩික නොවූ හ. අල්පේච්ඡ වූහ. එම යහගුණය සරළ කවකට නඟා මතු පරපුරට කියා දුන් අරුම.

එනමුදු එම දැනුම උඩු යටිකුරු කළ විපරිත සමාජ ක්‍රමයක වසන අපි එම කවෙහි පරම ප්‍රතිපක්ෂය සේවනය කරමු. අප දරුවන් ද එමගට බිලි කරමු.

අපට ගහේ ම දොඩම් මදි ය. දොඩම් යාය ද මදි ය. සියල්ල මට ය. මගේ නෑ සියන්ට ය. දරුවන්ට ය. ලොවට අපෙන් යමක් නැත. එහෙත් ලොව ම අප උදෙසා නිර්මිතය. 'තන්හාය ජායති සෝකෝ' යයි දෙසන්ට බුදුන් කොයින් ද? අබුද්දස්ස යුගයේ ගොරබිරම් තතු එසේ ය.

අප අප දෙසට හරවා අපේ ආධ්‍යාත්මය ප්‍රශ්න කරන අරුත් සරු කවෙකි.