2008-10-05

දවසේ කවිය: 2008-10-05

ගජමන් නෝනා දෙනිපිටියේ නුගරුක ගැන කල වර්ණනාවක්

පින වන දුටු දන සෑ ම ගඟලග පිහිටි කදී ම
තුරු පෙල අවට සැදී ම යූත් සෙ ව නැ ල්

ගණ මේ කුලෙව් දිලී ම විහඟුන් මත රැව්දී ම
සුළඟින් පත් ලෙළ දී ම ඇ ති හැ ම ක ල්

යන එන අය සැපසේ ම එහි ඉඳ ගිම් සැනසී ම
දස දිග අතු විහිදී ම ගි මෙ න වි ස ල්

දෙනිපිටියට ම ඉතා- ම වටිනා මහ නුග දු ම
බල සකි එහි සිත්සේ ම නි ල ඹ ර දු ල්

සැම වර දන මන නන් ද පලබර පුලූපු උයන් ද
නෙකවතු කුඹුරු වලින් ද සැ දැ දෙ ප සේ

පෙමකරවන නිතියෙන් ද සල්පිල් සහ ගෙවලින් ද
එහි සරණා මැති සෙන් ද සැ ණ කෙ ළි සේ

කිවියර වඩු සිතුව ම් ද දැනගත් සිපි ඇදුරන් ද
සැදි දෙනිපිටිය නිමින් ද යු ත් පි ය සේ

නුගතුර තුනුරුසුරෙන්-ද පලකර සක්දේවින් ද
පරසතු රුක විලසින් ද නි බ ඳ දි සේ

උපුටා ගත්තේ සිතුවිලි.

2008-10-04

දවසේ කවිය: 2008-10-04

ගජමන් නෝනා හා ඇලපාත මුදලි ගැන අපි කවුරුත් දන්නවා. ඒ දෙදෙනා අතර හුවමාරු වූ කවි කිහිපයකි මේ.

ඇලපාත මුදලි,

කවි පුතුන් ඇසුරු සිප්සත් දත්රුවැති
ගජනමින් පසිඳු අඟනක් ළඟමඇති
සැම කතුන්ගේ ම සිරිතක් වූපැවැති
හොර හිමින් ගැනුම අත් නෑරමකරති

ගජමන් නෝනාගේ පිලිතුර,

සායේ වැදීලා විත් මෙපුර කිවියරූ
මීයේ වදය මෙන් රස කොට කියතිබොරූ
ලීයේ ඇදය හරිතත් හුය ලාඅඟුරු
වෑයේ ඇදය බැලුවම ඊටත්නපුරු

ඇලපාත මුදලි,

රූබර දිගැසියන් වෙල මැදට බසිමිනේ
ආදර යෙන් කරල්මිටි රැගෙන යනතැනේ
වාසර යෙන් ඉන ඇඳි වත ඉවත්වුනේ
වානර මුව සෙ නැබ මුල සුරති ගතිපෙනේ

ගජමන් නෝනාගේ පිලිතුර,

කේසර එන්ට පළමුව ගිජිඳුගෙදස්සේ
වේසර හට වුවොත් කුරුළුට වෙයිදුස්සේ
ඒ සැර ලියෝ ඇසුවොත් ඔය වගදස්සේ
වානර මුව උලති හම යන තුරුහොස්සේ

උපුටා ගත්තේ සපුමල් ජයරත්න.

2008-10-03

දවසේ කවිය: 2008-10-03

දවසේ කවිය: 2008-09-05 දින පලවූ කවියය මෙසේ ය. ඒ දස්කොන් මරණයට ගෙන යන කල ප්‍රමිලා බිසව කියූ කවිය කි.

සක්මන් කරන මලුවේදී බැදිහාද
සිත් සන්තොසින් දුන් මුව මීබීවාද
ඉක්මන් ගමන් හිමියනි අදයනවාද
දස්කොන් මගෙ නමට ජීවිතදෙනවාද

එම කවියට දස්කොන් පිළිතුරු බැන්ඳේ මෙ ලෙසින් ය.

වෙසෙස් කමලාව රස පහස නො ලැබමා
දසිස් දුනි පොරණ ඇස දුටු පමණටමා
වෙසෙස් නුඹේ අමයුරු පහස ලත්මෙමා
ම හිස් එකක් ගියෙ නම් නුඹෙ නමටකිමා

මෙහි තේරුම සැකවින් මෙසේ ය. රාම-රාවන පුවතෙහි එන සීතාවගේ පහස නො ලැබම, ඇස දුටු පමණින් ම, පුරාණයේ රාවන තම හිස් දහයම දුනි නම්, ප්‍රමිලා දේවියගේ අමයුරු පහස රිසි සේ ලැබ තම එක හිස් දීම කවර වරදකි ද? මේ කියන්නේ දස්කොන් ය.

උපුටා ගත්තේ රජිත් විදානආරච්චි.

2008-10-02

දවසේ කවිය: 2008-10-02

සන්න සහිත පද යනුවෙන් ජන කවියා හැඳින්වුයේ තේරවිලි සිව්පද ලෙස ය. සන්න යනු ගැටළුව නිරවුල් කොට එනම් තේරුම - අර්ථය - ගෙන දෙන යන අදහස බව ව්‍යවහාරයෙන් පැවත එයි. මේ තේරවිලි කවි කිහිපය උපුටා ගත්තේ නෝමන් සිරිපාල මහත්මයා විසින් රචිත "ජනකවි අධ්‍යයනය" ග්‍රන්ථයෙනි.

දස දහසක් සක්වල දෙවියන්ගෙඅණින්
පංච පරදානි ගුරුවර මුදලිඅණින්
දන්ත ධාතු ජයසිරි මහ බෝධිඅණින්
සන්න සහිත පද කීමට වරන්ගනින්

පෙර කලේ කරපු අකුසල්වලඅපලා
මෙම කාලේ විඳිති දුක් පැල්වලටවෙලා
රජ කාලේ පටන් පුරුදුයි පැල්රැකලා
ලොකු රාළේ කියන් පැල්කවිතෝරාලා

එහි තෝරාලා යන්නෙන් කියැවෙන්නේ තේරවිලි යන්නයි.

මෙන්න තේරවිලි කවියක්

ඇස් දහයකි අට බැල්මකි දෙකක්කනා
පා දසයකි අට පයකින් ගමන්යනා
මෙ පස් දෙනෙකි පා සතරකි සැරිසරනා
මේ සන්නේ තේරූ කෙනෙකුන්හපනා

උපුටා ගත්තේ බෝදිනී සමරතුංග.

2008-10-01

දවසේ කවිය: 2008-10-01

මෙය ජන කවිය කි.

අනේ දෙවියනේ මට වුනුවියෝයා
පැළේ පැදුර හොරු අරගෙනගියෝයා
ගෙදර ගිය කලට අඬ දබරබෝයා
පැදුර දුන් කෙනෙක් මගෙ නෑසියෝයා

උපුටා ගත්තේ නිලන්ත පියසිරි, සම්පත් සිටිනාමළුව, හා යජිත් අජන්ත.

2008-09-30

දවසේ කවිය: 2008-09-30

මේ කුමරතුඟුවන්ගේ "දොරට වැඩුම" හි ඇති කවි දෙක කි.

කපුටු හාමි නොසිටැලඟින්
ඇයි ඉන්නේ ඇස්වැමගන්
ගිනි සැර පිට කරනඅගින්
දඬු කඩ නොපෙනෙද එදිගින්

අර කූඩුව මැදින්දිනක්
යන්නට කර නිසාතැතක්
එ සඬුව අප දෙදෙනෙකුලක්
කළ සැටි මට වේයැමතක්

උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි.

2008-09-29

දවසේ කවිය: 2008-09-29

මෙය කුමරතුඟුවන් ගේ "කියවන නුවණ" පළමු පොතේ ඇති කවි පෙළ කි.

හා හා හරිහාවා
කැලේ මැදින්ආවා
හිට ගෙන ගඟගාවා
වට පිට ඇහැලෑවා

කොල දෙකටක්කෑවා
පැන් උගුරක්බීවා
තොල කට ලෙවකෑවා
ඉතිං ඇතැයිකීවා

තබා නිකටගාවා
වීණාවක්වෑවා
මිහිරි සින්දුකීවා
නැටුම් ටිකක්පෑවා

එයින් වෙහෙසවූවා
ඉඳගෙන හතිලෑවා
තණ බිස්සේබාවා
ඇඟ පත සතැපූවා

බිරුම් හඩක්ආවා
ඉහළ වීසිවූවා
කොඳු ඇට හිටැවූවා
කන් දෙක දිගපෑවා

බිරීම ළංවූවා
කඳ හරහටබාවා
සතර පයටපාවා
දීලා "යමු"කීවා

පැදුර උඩින්බෝවා
විදුලි කෙටිලිපෑවා
කොළ සරබරගෑවා
බිරූ කටත්ආවා

බිරීම නැවැතූවා
නාසය බිමගෑවා
ඇහින් රැහැන්ලෑවා
කොයි ද කොයි දහාවා

උපුටා ගත්තේ විරාජ් හා දසුන්ප්‍රිය අනුරාධ.

2008-09-28

දවසේ කවිය: 2008-09-28

මේ කේයස් ‍කවියාගේ සුදොසුදු කවි පෙලේ කවිය කි. කේයස්‍ යනු K.A.S. ය. K.A.S. යනු කළල්ඇල්ලේ ආනන්ද සාගර ය. කළල්ඇල්ලේ ආනන්ද සාගර හිමි පසුව සාගර පළන්සූරිය නමින් හීරළු විය.

ගොඩ මඩ දෙකම සරු සාරයපල බරය
කටුරොද ගම්මනය තරමකපිටිසරය
ඒ ගම මැදින් ගලනා ගඟමනහරය
කඩමණ්ඩිය පිහිටියේ ගමකෙලවරය

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-09-27

දවසේ කවිය: 2008-09-27

මේ ජන කවිය කි.

සසඳ සසඳ සඳ මැද ඇතිසාවුන්ට
මත් කෙළි බඳට දොළදුක් ඇතිඑළදුන්ට
අඩිය සදපු වට නාමලබඔරුන්ට
මල් කැකුලට සිත් බැන්දේකුමරුන්ට

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-09-26

දවසේ කවිය: 2008-09-26

මේ ජන කවිය කි.

සොරබොර වැවේ එගොඩෙත් ඉන්නේවැද්දෝ
සොරබොර වැවේ මෙගොඩෙත් ඉන්නේවැද්දෝ
සොරබොර වැවේ දෙගොඩෙම ඉන්නේවැද්දෝ
අපටත් නෙළුම් මල් හුලන්නටදෙද්දෝ

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-09-25

දවසේ කවිය: 2008-09-25

මේ සිරිත් මල්දමේ f;වැනි කවිය යි.

නරක සිතකින්නම්
හොඳක් නො කළැකි කිසියම්
හොඳක් නො කලේනම්
උපන් ගතියෙන් නැත පලක්නම්

උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි.

2008-09-24

දවසේ කවිය: 2008-09-24

මේ ඊයේ කවියට පිළීතුරු කවිය යි.

වෙල හොඳ මොකද යල මහ පාලු වේනම්
පැල හොඳ මොකද පොද වැස්සට තෙමේනම්
මල හොඳ මොකද අතු අග පරවයානම්
ලිය හොඳ මොකද ඉසි ගොමර මැකේනම්

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-09-23

දවසේ කවිය: 2008-09-23

මේ ජන කවිය කි.

වෙලක මහිම බල මාවීපැසීලා
පැලක මහිම බල බට කොලහොයාලා
මලක මහිම බල අතු අගපිපීලා
ළියක මහිම බල ගෝමරඉසීලා

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-09-22

දවසේ කවිය: 2008-09-22

මේ සිරිත් මල්දමේ දෙවැනි කවිය යි.

හොඳ ලෙසහැදීමට
හොඳ සිත ඕනෑහැම විට
නරක සිත්ඇති විට
නරකම යි සිදු වන්නේඅප හට

උපුටා ගත්තේ රාජිත.

2008-09-21

දවසේ කවිය: 2008-09-21

මේ ලෝ වැඩ සඟරාවේ සිව්වැනි කවිය යි.

මනරම්නර දම් සැරිදම්සඟනට
මෙලෙසින්බැතියෙන් අදරින්නිමකොට
වෙසෙසින්පෙළ දම් නොමදත්දනහට
පවසම්කළ කම් පල දැන්හෙළු කොට

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-09-20

දවසේ කවිය: 2008-09-20

මේ අලියා වැටුණු වැව ඇතුළු ආණමඩුවේ රාජකාරි කළ ඩී ආර් ඕ මහත්තයා වූ විමලරත්න කුමාරගම මහතාගේ අයියනායක කවි පෙලේ කවිය කි.

බුද ගුරු ශනි හිරු ට හිමි හැම දවස්වල
මේ සංහිඳේ එළියක් ඇත සවස්කල
ලෙඩ දුක් වලින් මිදුමට බාරයක්කළ
සැම දෙන එතැන රැස් වෙති ගම ගෙවල්වල

උපුටා ගත්තේ සුජීව කුමාර.

2008-09-19

දවසේ කවිය: 2008-09-19

පුරාණයේ පටන් අපේ ඇත්තන් මොනවා කරන්නත් කලියෙන් තමන්ගේ ආගම දහම සිහි කොට, වැඳ අවසර ගත්තා. ඔන්න අපේ ඉතිහාසය ගත්තොත්, විවිධ නාඩගම්, නූර්ති, ජන වහර කටවහරේ එන නොයෙක් කතා සහ අප ජන සමාජයේ පවතින සිරිත් විරිත් වලින් මේ බව තව දුරටත් ඔප්පු වෙනවා අපේ ජන ජීවිතය බුදුන් දහම් සඟුන් ඇතුලු ත්‍රිවිධ රත්නය කෙරෙහිද නොපෙනෙන තිස් තුන් කෝටියක් වූ දෙවි දේවතාවුන් වහන්සේලා සමග ද බැඳී තිබුනේය. ස්වභාව ධර්මයේ සියලු වස්තූන් දේවත්වයේ ලා සැලකීමට ඔවුහූ එකල පුරුදු වී සිටියෝ ය. අව්ව වැස්ස ඉර හඳ සුළං තම භව බෝග සහ අස්වැන්න කෙරෙහි බලපෑම් ඇතිකරන එක්තරා අභිචාරී බලවේගයකැයි ඔවුහු විස්වාස කළෝය. ඉතින් කරන්නට යන ඕනෑම කාර්ය්‍යයකට කලියෙන්, ඒ කිව්වේ ඕනෑම හොඳ වැඩකට කලියෙන් බුදුන් දම් සඟුන් වැඳ අවසර ලබා ගන්නා පුරුද්දක් අප ජන සමාජයේ පවතී. ඕනෑම වැඩකට යන්නට කලියෙන්, ආගම ධර්මය සිහි කරන්නෙත්, දෙමාපියන් වැඳ අවසර ගන්නෙත් ඒ නිසයි.

බුද්දං සරණේ සිරසදරාගෙන
දම්මං සරණේ හිතපහදාගෙන
සංඝං සරණේ සිවුරුදරාගෙන
ඉඤ්ඤයි තුන් සරණේඅදහාගෙන

බුද්දංසරණයෙන්බුදු ගුණකියනවරං
දම්මංසරණයෙන්දම් ගුණකියනවරං
සංඝංසරණයෙන්නව ගුණකියනවරං
මේ තුන්සරණයෙන්මුඛ දිවිහරිනවරං

උපුටා ගත්තේ බෝදිනී සමරතුංග.

2008-09-18

දවසේ කවිය: 2008-09-18

කුමරතුඟු මුනිදසුන්ගේ කවි ශික්‍ෂාව පොතේ තිබුණු කවිය කි. ඊයේ කවියට පිළිතුරු කිවිය.

තරුණමුවා-ගත හෙබි එව්කනකමුවා
කනයොමුවා-උන් වෙත ගොස් විදැලමුවා
උන ද,මුවා-නො වෙමින් කෙළැ කෙළැහමුවා
නොවිදිමුවා-අපි කම් නැති මහලුමුවා

උපුටා ගත්තේ රජිත් විදානආරච්චි.

2008-09-17

දවසේ කවිය: 2008-09-17

කුමරතුඟු මුනිදසුන්ගේ කවි ශික්‍ෂාව පොතේ තිබුණු කවිය කි.

නැමි බැම වකගසා-පෑ අනැඟිදුන්නෙක
කොණෙකින්බැලුමැ'සා-රුදු විස පෙවුසරෙක
මෙ මැ දෙ කරුණනිසා-තෙපි ළඳනිසබරෙක
අප සරඟෙව්තොසා-විද නො ගනු ද,දිනෙක

මහල්ලෙක්, තරුණ කාන්තාවන් පිරිසකට කී කවියෙකි. මෙයට පිළිතුරු කවිය හෙට බලා පොරොත්තුවන්න.

උපුටා ගත්තේ රජිත් විදානආරච්චි.

2008-09-16

දවසේ කවිය: 2008-09-16

සීගිරි ගලේ රාවණ දෙවි විලසැදුවා
සීගිරි ගලේ විස්කම් සිත්තම්කෙරුවා
සීගිරු රුවෙන් මන්දෝදරිසිහිවෙනවා
මෙතුන් පදේ මම නිසි ලෙසවිසඳනවා

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-09-15

දවසේ කවිය: 2008-09-15

මේ ගණදෙවි හෑල්ලේ ගණදෙවි උපත යි.

ආයුබෝ වෙන සෙතා
ඉසුරු වරමින් යුතා
උමාහණ දළ නෙතා
ඉසුරු එබිසෝ වෙතා

ගැබ කුමරු හටගතා
දිනෙන් දින මෝරතා
දොළ උපත හටගතා
රසමියුරු ගෙණ දෙතා

එ‍‍දොළ සන්සිඳුවතා
එසත් මස පිරිගතා
දෙතන පුඩු කළු වෙතා
කිරිබරින් සිටගතා

නව සදෙව් රුවිනිතා
දස එකඩ මස වෙතා
විළිරදය පහරිතා
ගුරු දිනේ බිහිවෙතා

උපුටා ගත්තේ නිරංජන් මීගම්මන.

2008-09-14

දවසේ කවිය: 2008-09-14

කවිය ශෘංගාරය ම නොව මානව දයාව එනම් අපි අප දකින අයුරු පෙන්වන කැඩපතක් ද වෙනවා. විමලරත්න කුමාරගම කවියාගෙන් ඇරඹි මේ ගමන මහගම සේකර, මොනිකා රුවන්පතිරණ, රත්න ශ්‍රී විජේසිංහ ආදීන් විසින් ඉදිරියට ගෙන ගියා. ඒ පාරේ යන නව කවියකු වන ලක් ශාන්ත අතුකෝරළයන් (ඔහු මෙවරත් හොඳම කවි පොතට හිමි රාජ්‍ය සම්මානය දිනා ගත්තා) ලියූ “අමාවකේ සඳක් සිඹිමි” කවි එකතුවේ එන “කාස කස කාරයා” කවිය මෙවර මා කැමති කව ලෙස දක්වමි.

කාස කස කාරයා

සිරි සිරි ගා
සිලි සිලි බෑගයෙන්
පැන්නා හාල් ඇට
ඈතට ගොස් බලා සිටියා
ටොෆී දෙකක්!

රිය පහර කෑ දුප්පතා
වැටී ගැහෙයි
'වතුර වතුරැ' යි මතුරමින්
ජීවිතය කෙමෙන් බැස යයි;
රතු පාටින් ගලා යයි.

දුලබ දසුනට ලොබව
වට වූ දනෝ
බලත් ඒ කරුණා - වීර රස පිරි නළුව

බෝ තෘප්තියෙනි උන්
තමන් රියෙක නොහැපුම ගැන
ඒත් ළං නම් නොවෙත්.
සිරුර පුරා දරතත් උඩඟුවෙන්
පිටත දී අපුලය දුඟද ඒ රත.

අසරණයාගෙ තොල'ග
දිය පොදක් ගාන්ට
වැස්සක් වහින්ටම ඕන ද?

මදක් නැවතී එබී සුව යහන් පිට
නැවත සැර දමා යති
රිය සක කරකවා
'මිය නොයන මිනිස්සු'

කා..ආ..ස කාරයෙක්
කියති සමහරෙක්

හා! කතා කරපන් හාල් ඇට!
කතා කරපන් පුංචි ටොෆී දෙක!
කියාපන් කාස කාරයෙක්දැයි මේ.

කියනු ඇක නුඹලා නිසැකවම
මේ මිනිසා
ජීවිත පෙරහරේ වෙහෙසෙන
කස කාරයෙකුම යැයි;
හොඳ තාත්තා කෙනෙකු යැයි!

උපුටා ගත්තේ වසන්ත දේශප්‍රිය.

2008-09-13

දවසේ කවිය: 2008-09-13

මේ ගණ දෙවි හෑල්ලේ කවිය කි.

ගණදෙවියන් නුවණදෙන්න
සරස්වතී පහළවන්න
සියලු රෝග දුරුකරන්න
නිතර වඳිම්තුනුරුවන්න

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-09-12

දවසේ කවිය: 2008-09-12

මේ වදන් කවි පොතේ 20 වැනි කවිය යි.

ගොසකුරු නොම ගොසකුරු යනදෙවගෙකි
තොස වන දනිතය සිතිලයදෙවගෙකි
නිසසය නිසිතය යන කුරුදෙවගෙකි
බස පෙර ඇත සෝඩියෙ කරුදෙවගෙකි

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-09-11

දවසේ කවිය: 2008-09-11

මේ ලෝ වැඩ සඟරාවේ තෙවැනි කවිය යි.

සිරිමත් බඹ සිරසෙහි පාපිසිනා
සැරියුත් මහමුගලන් පිළිවෙළිනා
පිළිවෙත් සරු මහ සඟගණසොබනා
මුදුනත් බැඳ නමදිම් බැතිපෙමිනා

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.