ගජමන් නෝනා දෙනිපිටියේ නුගරුක ගැන කල වර්ණනාවක්
| පින වන දුටු දන සෑ ම ගඟලග පිහිටි කදී ම |
| තුරු පෙල අවට සැදී ම යූත් සෙ ව නැ ල් |
| ගණ මේ කුලෙව් දිලී ම විහඟුන් මත රැව්දී ම |
| සුළඟින් පත් ලෙළ දී ම ඇ ති හැ ම ක ල් |
| යන එන අය සැපසේ ම එහි ඉඳ ගිම් සැනසී ම |
| දස දිග අතු විහිදී ම ගි මෙ න වි ස ල් |
| දෙනිපිටියට ම ඉතා- ම වටිනා මහ නුග දු ම |
| බල සකි එහි සිත්සේ ම නි ල ඹ ර දු ල් |
| සැම වර දන මන නන් ද පලබර පුලූපු උයන් ද |
| නෙකවතු කුඹුරු වලින් ද සැ දැ දෙ ප සේ |
| පෙමකරවන නිතියෙන් ද සල්පිල් සහ ගෙවලින් ද |
| එහි සරණා මැති සෙන් ද සැ ණ කෙ ළි සේ |
| කිවියර වඩු සිතුව ම් ද දැනගත් සිපි ඇදුරන් ද |
| සැදි දෙනිපිටිය නිමින් ද යු ත් පි ය සේ |
| නුගතුර තුනුරුසුරෙන්-ද පලකර සක්දේවින් ද |
| පරසතු රුක විලසින් ද නි බ ඳ දි සේ |
උපුටා ගත්තේ සිතුවිලි.
2 comments:
නිහඬ ඇයි?
කවි විතර ද?
Post a Comment