ගජමන් නෝනා හා ඇලපාත මුදලි ගැන අපි කවුරුත් දන්නවා. ඒ දෙදෙනා අතර හුවමාරු වූ කවි කිහිපයකි මේ.
ඇලපාත මුදලි,
| කවි පුතුන් ඇසුරු සිප්සත් දත් | රුවැති |
| ගජනමින් පසිඳු අඟනක් ළඟම | ඇති |
| සැම කතුන්ගේ ම සිරිතක් වූ | පැවැති |
| හොර හිමින් ගැනුම අත් නෑරම | කරති |
ගජමන් නෝනාගේ පිලිතුර,
| සායේ වැදීලා විත් මෙපුර කිවිය | රූ |
| මීයේ වදය මෙන් රස කොට කියති | බොරූ |
| ලීයේ ඇදය හරිතත් හුය ලා | අඟුරු |
| වෑයේ ඇදය බැලුවම ඊටත් | නපුරු |
ඇලපාත මුදලි,
| රූබර දිගැසියන් වෙල මැදට බසිමි | නේ |
| ආදර යෙන් කරල්මිටි රැගෙන යන | තැනේ |
| වාසර යෙන් ඉන ඇඳි වත ඉවත් | වුනේ |
| වානර මුව සෙ නැබ මුල සුරති ගති | පෙනේ |
ගජමන් නෝනාගේ පිලිතුර,
| කේසර එන්ට පළමුව ගිජිඳුගෙ | දස්සේ |
| වේසර හට වුවොත් කුරුළුට වෙයි | දුස්සේ |
| ඒ සැර ලියෝ ඇසුවොත් ඔය වග | දස්සේ |
| වානර මුව උලති හම යන තුරු | හොස්සේ |
උපුටා ගත්තේ සපුමල් ජයරත්න.
No comments:
Post a Comment