2008-08-05

දවසේ කවිය: 2008-08-05

මාතර ගඟේ ඉන්නා කිඹුලි ගෙපැටියා
තල්ල දිගයි බෙල්ලේ ගෝමරකැටියා
යන එන පාරු නවතාගෙනසිටියා
මිනී නොකයි මාතර කිඹුලි ගෙපැටියා

උපුටා ගත්තේ නන්දලාල් ගුණරත්න හා වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි.

මාතර ගඟේ කිඹුලි යන අන්වර්ත නාමයෙන් හඳුන් වන්නේ කවුද?

3 comments:

josua M said...

It is a woman who was selling foods on a small hotel near the river is the "kimbuli".

The daughter is the "petiya" and she sells food cheap so she is not "mini kanawa". (or she may be pretty)

in that place the "paru" were stopped.

Unknown said...

ආ ඔය අපේ ‍‍එහා ගෙදර නංගිනෙ

නාමල් උඩලමත්ත said...

නිල්වලා නදි තොටමුණ අසබඩ කඩයේ මව සහ දියණිය පිළිබඳ ගැමි සිත පිළිසිඳි හැඟීම කෙතරම් සංයමයෙන් කවියට නගා ඇත් ද? මව අධික මිලට බඩු විකිණුව ද රූමත් දියණිය නිසා වෙළඳාම ජයට ම කෙරිණි. ඒ ඈ දකිනු රිසින් ඔරු පාරු එහි නතර වූ හෙයිනි. ඇය සිනාසී පාරුකරුවන්ගේ සිත් මදකට හෝ සැනසුවා ය. එහෙයින් ඇය මව මෙන් මිනී කන්නියන් (කිඹුලියක්) නොවන බව කවියා පවසයි.
කෙසේ වුව ද මෙහි දෙවන පදය 'තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා' ලෙස ද තෙවන පදය 'යන එන ඔරු පාරු නවතා ගෙන සිටියා' ලෙස ද නිවැරදි විය යුතු ය. පළමු විචරය ද කදිම ය.