2008-08-11

දවසේ කවිය: 2008-08-12

මේ වෙද ගැටය කි.

අනේදෙවියනේ මට මතකනැතිකොට
වනේලා කොටා වේලාපදමකට
තනේමවුන්ගේ කිරි සමඟඑක්කොට
කනේවක්කරන් තද බඩරුදාවට

වෙද ගැටවලින් කැරෙන්නේ අරුත සඟවා කීම ය. මේ බෙහෙත කියන්නේ, අම්ලපිත්ත රෝගය නම් වූ බඩේ දැවිල්ලට ය.

‘අනේ දෙවියනේ මට මතක නැති කොට’ යන්නෙන් අදහස් කරන්නේ රසකිඳ ය. ‘තනේ මවුන්ගේ කිරි’ යන්නෙන් අදහස් කරන්නේ ‘එළකිරි’ ය. ‘කනේ’ ය කියන්නේ ‘කටේ’ය යන්නටය

පණ්ඩිත විලියම් අල්විස් වෙද ‍මහතා ගේ මෙම වෙද ගැටය, ඩී. එෆ්. කාරියකරවන සුබැසියන් විසින් සිළුමිණ පුවත් ප‍තහි සදොස් නිදොස් තීරුවේ පළ කරන ලදී.

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

No comments: