මේ අන්දරේ කියූ කවිය කි.
| රිදී කළේ රන් කොතලේ බීපු | මට |
| නිකම් කළේ පැන් නැති විය | පිපාසෙට |
| කොට්ට මෙට්ට ඇඳ ඇතිරීලි තිබුණ | මට |
| මෙහෙමත් කල යා ද පලු වීර ගස් | යට |
උපුටා ගත්තේ සුජීව කුමාර.
හෙළ බසේ අසිරිය!
මේ අන්දරේ කියූ කවිය කි.
| රිදී කළේ රන් කොතලේ බීපු | මට |
| නිකම් කළේ පැන් නැති විය | පිපාසෙට |
| කොට්ට මෙට්ට ඇඳ ඇතිරීලි තිබුණ | මට |
| මෙහෙමත් කල යා ද පලු වීර ගස් | යට |
උපුටා ගත්තේ සුජීව කුමාර.
මේ සොකරි නාටකයෙහි ගායනා කෙරෙන කවිය කි.
| යාලක් විතර වී අව්වේ | වනාලා |
| දොළසක් විතර ඇඟ ගෝමර | ඉසීලා |
| අතක් දිගට නිල් වරලස | මිදීලා |
| සොකරි සිටිති වී අව්වේ | වනාලා |
උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි.
මේ සොකරි නාටකයෙහි ගායනා කෙරෙන කවිය කි.
| ආල | වඩන පියයුරැ දෙක ළැම | දිලිසෙන්නේ |
| කෝළ | නැතුව සබයට එළි බැසලා | නටන්නේ |
| මාල | කරට දමා හැට්ට සළු | පළදින්නේ |
| බාළ | සොකරි ළමා මෙනුඹ නටා | වරෙන්නේ |
උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.
මේ පතල් කවිය කි.
| ඉන්නේ දුම්බරයි මහ කලු ගලක් | යට |
| කන්නේ කරවලයි රට හාලේ | බතට |
| බොන්නේ බොර දියයි පුරුවේ කල | පවට |
| යන්නෙත් කවදාද මව්පියෝ දකින් | නට |
උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.
මේ බුද්ධ ගජ්ජයේ පළමු වැනි කවිය යි.
| නමස්සමන්තභද්රාය |
| සර්වගොචරචක්ෂුෂෙ |
| කරුණාමෘතකලේලාල |
| සන්ධවෙසූර්ය්යබන්ධවෙ |
සර්වගෝචරචක්ෂුෂෙ = සියල්ල විෂය කොට ගත් නුවණැස් ඇති හෙවත් සර්වඥතාඥාණය ඇති,
කරුණාමෘතකලේලාලසිධවෙ = කරුණා නැමැති අමරළපතරට දොහෝ නො හොත් අමා බඳු වූ කරුණා රළපතර ට මුහුදක් බඳු වූ,
සූර්යබන්ධවෙ = සූර්යබන්ධු වූ,
සමනතභද්රාය = සමන්තභද්‍ර වූ, බුදුන්වහන්සේ ට,
නමඃ = මා ගේ නමස්කාරය වේවා.
උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත සහ දසුන්ප්‍රිය අනුරාධ.
.මේ සැළලිහිණි සන්දේශයේ කවිය කි.
| මිතු | රු තුමෝ දුක් සැප දෙකෙහි ම | පැවති |
| බිතු | සිතුවම් රූ මෙන් පිටු | නොපාවිති |
| යුතු | මතු වැඩම තෙපළ එවැනි ගුණ | ඇති |
| සිතු | නතු කර අස යහළුව වඩන | රුති |
දුකේ දීත් සැපේදීත් නොසැලී එකසේ සිතමින් ලඟින් සිටින මිත්‍රයා නියම මිත්රයෙකි. ඔහු හරියට බිත්තියක ඇඳි සිතුවමක් වැනිය. එම සිතුවම් කවදාවකවත් බලන කෙනාට පිටු නොපායි. එමෙන්ම සෑම කල්හිම යහපතක් සිදුවනදෙය ඔහු කරන අතර අනෙකාටද හොඳ දෙයක්ම කියා දෙයි.
උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.
මේ ඔන්චිලි වාරම් කවිය කි.
| ඔංචිලි චිලි චිල්ල ම | ලේ |
| වැල්ල දිගට නෙල්ලි කැ | ලේ |
| කඩන්ට බැරි කටු අකු | ලේ |
| කඩා දියන් මගේ ම | ලේ |
උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.
මේ සුභාෂිතයෙනි.
| අමිත ගුණ නුවන යුතු උතුමෝ | පබඳ |
| අනත වෙහෙස ලදුවත් නොම වෙති | දුගඳ |
| දිගත පතල සුවඳැති සොඳ සඳුන් | කඳ |
| සිදිත මඩිත එක ලෙස පැතිරෙයි | සුවඳ |
උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි සහ රෝහණ විජේතුංග.
මේ වදන් කවි පොතේ 39 වැනි කවිය යි.
| අඹ දඹ ඇටඹ ද කරඹ ද | පුදමී |
| හොලුපලු ලාලු ද ගිවුලු ද | පුදමී |
| අතිරස අග්ගල අත්සුණු | පුදමී |
| ගණදෙවි නුවණක් දෙනු පා | වඳිමී |
උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.
මේ අන්දරේ ගේ කවිය කි.
| බොහොම හොඳට රන්කම් කළ වැඩක් | වගෙයි |
| දේවතුමට මහ බඹු දුන් ලියක් | වගෙයි |
| ලෝකෙ ඉන්න පඬිනට පිස්සුවක් | වගෙයි |
| කොහොඹ ගහට කරවිල වැල ගියා | වගෙයි |
උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.
| මා බාලේ ඇති කළ තල ගොයි | පැටියා |
| මගේ තනියට ඌ මිදුලේ කෙලිමින් | සිටියා |
| නපුරු සතෙක් අවිදින් ඌ අරන් | ගියා |
| නිවන් පුරේ පලයන් තල ගොයි | පැටියා |
උපුටා ගත්තේ නිලන්ත පියසිරි.
මේ සුභාෂිතයෙනි.
| විපුල | ගුනැති මහතුන් හට පත් | විපත |
| නිසල | නැණින් යුතු උතුමෝ ම දුර | ලත |
| කළල | ගිලුනු මත වරනිදු ගොඩ | ගනුත |
| තුමුල | බලැති ගිජිදෙකු මිස අන් | කෙවත |
උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි සහ රෝහණ විජේතුංග.
| කටේ කිරි සුවඳ යන්න ට පවා බැරි | වුනා |
| යුදට උපන් කුමරෙක් යැ යි නමක් ඇති | වුනා |
| මුල්ලේරිය වෙලේ වතුර ලෙය ට හැර | වුනා |
| ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ | වුනා |
උපුටා ගත්තේ නන්දලාල් ගුණරත්න
මේ ගැල් කවිය කි.
| කලු ගල් තලාලයි පාරට | දමන්නේ |
| එම ගල් පෑගිලයි ගොන් කුර | ගෙවෙන්නේ |
| ගොනා නොවෙයි හරකයි බර | අදින්නේ |
| කිරිගල් පොත්ත කන්දයි අපි | නගින්නේ |
උපුටා ගත්තේ ශ්රීශානු,සහන් තත්තිරිවත්ත,නිලන්ත පියසිරි, හා සුජීව කුමාර.
මේ ගොයම් කවිය කි.
| රන් දෑකැති ගෙන නිති | සැරසෙනවා |
| රත් රන් පටි ඉන වට | දිලිසෙනවා |
| රිවි දුටු පිණිබිදු ලෙස | පහවෙනවා |
| දුම්බර කෙතෙ අපි ගොයම් | කපනවා |
උපුටා ගත්තේ සුජීව කුමාර.
මහාමායා දේවිය දුටු සිහිනය.
| දෙනෝ දහක් අඟනෝ මට මල් නෙළු | වා |
| අනොත්ත විල මැද යහනත හිඳු | වා |
| කන්‍යා ලියෝ දෙන්නෙක් පැන් නෑවෙව් | වා |
| අනෝතත්ත විල මම සීනෙන් දුටු | වා |
උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.
සන්නිවේදනය නොදියුණු අතීත යුගයේ නිවසින් බැහැර බොහෝ ඈත අඳුරු පතල තුළ වැඩෙහි යෙදී සිටි පතල් කරුවාට ගෙදර අඹු දරුවන් පිළිබඳ කිසිදු තොරතුරක් දැන ගැනීමට නොහැකි වූ තැන ඔහු ජීවිතයේ කලකිරීම මේ අයුරින් පවසා ඇත.
| පිහියක් එවාපන් පපුවට ඇන | ගන්න |
| පව්ම්ක් එවාපන් පාසානන් | කන්න |
| ලණුවක් එවාපන් බෙල්ලෙ ලා | ගන්න |
| ලියුමක් එවාපන් දුක සැප දැන | ගන්න |
උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි.
පතලේ වැඩකරන ගැහැනු පිරිමින් තුළ හිතවත් කම සීමාව ඉක්ම ගිය තැන් ඇතැම් පතලෙ ගී තුළින් දක්නට ඇත. මේ සිරිගර රසයෙන් යුතු පැදිය ඊට උදාහරණ සපයයි
| කලුවන් කලු රුවයි අන්ගෝ | දිලිසෙනවා |
| මිනිරන් තෝරන්න දින ගණනින් | එනවා |
| මිනිරන් තේරුවොත් ලඳ නුඹ කලු | වෙනවා |
| ලඟනම් ගෙදර මුර ඇරුනම මම | එනවා |
උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි.
මේ සුභාෂිතයේ 39 වැනි කවිය යි.
| කුරිරු | ගොර සපුන්ගේ දළ' ගෙහි | විසය |
| මදුරු | මැසි කැලන්ගේ තුඩ'ගෙහි | විසය |
| රුදුරු | නුහුසුවන්ගේ වල'ගෙහි | විසය |
| නපුරු | දුදනන්ගේ සියල'ඟෙහිම | විසය |
අරුත: විස ගොර සර්පයින්ගේ විස ඇත්තේ දළ අගෙහි ය. මදුරුවන් ගේ විස ඇත්තේ තුඩ අගෙහිය. රුදුරු ගෝනුස්සන්ගේ විස ඇත්තේ වල්ගයේ අගය. නමුත් නපුරු දුදනන් (මිනිසුන්) ගේ මුලු සිරුර පුරාම විසය; යනුවෙන් දුදනන්ගේ පාපී බව, නපුරු බව කියා පායි.
උපුටා ගත්තේ දසුන්ප්‍රිය අනුරාධ.
මේ වෙද ගැටය කි.
| අනේ | දෙවියනේ මට මතක | නැතිකොට |
| වනේ | ලා කොටා වේලා | පදමකට |
| තනේ | මවුන්ගේ කිරි සමඟ | එක්කොට |
| කනේ | වක්කරන් තද බඩ | රුදාවට |
වෙද ගැටවලින් කැරෙන්නේ අරුත සඟවා කීම ය. මේ බෙහෙත කියන්නේ, අම්ලපිත්ත රෝගය නම් වූ බඩේ දැවිල්ලට ය.
‘අනේ දෙවියනේ මට මතක නැති කොට’ යන්නෙන් අදහස් කරන්නේ රසකිඳ ය. ‘තනේ මවුන්ගේ කිරි’ යන්නෙන් අදහස් කරන්නේ ‘එළකිරි’ ය. ‘කනේ’ ය කියන්නේ ‘කටේ’ය යන්නටය
පණ්ඩිත විලියම් අල්විස් වෙද මහතා ගේ මෙම වෙද ගැටය, ඩී. එෆ්. කාරියකරවන සුබැසියන් විසින් සිළුමිණ පුවත් පතහි සදොස් නිදොස් තීරුවේ පළ කරන ලදී.
උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.
| මා වැනි | බිලින්දා |
| වර වර ලඟට | කැන්දා |
| දුක් සැප | කුමන්දා |
| අසන නිරිදෝ වෙන | කොයින්දා |
මේ කවිය හා 'දත් කැකුලු පාලා' කවිය තොටගමුවේ ශ්‍රී රාහුල හිමි කුඩා කළ කියූ බවට මතයක් තිබේ. කුඩා කාලයේ පියා අහිමි වීමෙන් පසු පැවිදි වන තෙක් රාහුල හිමි හැදී වැඩී තිබෙන්නේ එවකට රජු වූ සවත පැරකුම්බා රජුගේ පුතෙකු ලෙසයි. රාහුල හිමිගේ පියා රදළ පරපුරකින් පැවත එන්නෙක්.
උපුටා ගත්තේ නන්දලාල් ගුණරත්න හා අරවින්ද.
| දත් කැකුලු | පාලා |
| සුරතල් සිනා | සී ලා |
| බොළඳ බස් | දීලා |
| කෙළී සියොලඟ දූලි | ගාලා |
උපුටා ගත්තේ දසුන්ප්‍රිය අනුරාධ.
මේ ගැල් කවිය කි.
| තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කන | වා |
| කටු කැලේ ගාල නොලිහා වද දෙන | වා |
| හපුතලේ කන්ද දැකලා බඩ දන | වා |
| පවු කල ගොනෝ ඇදපන් හපුතල් යන | වා |
උපුටා ගත්තේ දසුන්ප්‍රිය අනුරාධ.
මේ පාරු කවිය කි
| ඔන්න මලේ ඔය නා මල නෙළා | වරෙන් |
| අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා | වරෙන් |
| කැළණි ගඟේ ඔරු යනවා බලා | වරෙන් |
| සාදු කාර දී ඔරුවක නැගී | වරෙන් |
උපුටා ගත්තේ වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි.
සිංහළ ගැමි ගීයේ පැල් කවියට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. හේනේ කුඹුරේ පැල් රැක්මට යන ගැමියා සතුන් පලවා හැරීමටත් තමන්ට ඇතිවන බිය, කාන්සිය, මහන්සිය තුරන් කර ගැනීමටත් පැල් කවිය හඬ නගා ගයා ඇත.
| ලස්සන හිමවතේ මා වී | පැසෙන්නේ |
| දුක් දෙන අලි ඇතුන් පන්නා | හරින්නේ |
| රැකමෙන දෙවියනේ වෙල් බත | බුදින්නේ |
| දුප්පත් කම නිසයි මා පැල් | රකින්නේ |
උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි.
ත්‍රිපිටකයෙහි ඛුද්දක නිකායේ පාරායන වග්ගයේ සුත්ත නිපාතයේ අජිත සූත්‍රයෙන් උපුටා ගන්නා ලදී. අජිත තවුසාගේ පැනයට බුදු රදුන් ගේ පිලිතුර.
පබැඳුම: පූජ්‍ය තල්ගස්වැවේ සීලානන්ද ස්වාමීන් වහන්සේ
| ලොවේ සිටින සියලු සතුන් අවුරා ඇති දේ | මොකක්ද? |
| තමන් එලෙස වැසී සිටින බව නොදකින දේ | මොකක්ද? |
| සැම සතුනගෙ ජිවිතවල තැවරී ඇති දේ | මොකක්ද? |
| සෑම දෙනට මුහුණ දෙන්න සිදුවන මහ බිය | මොකක්ද? |
| වැසී ඇත්තෙ ලොවේ සැමසත අවිදු අඳුරිනි සැම | අතින් |
| ප්‍රමාදය හා මසුරුබව ඇති දනන් නොදනී එය | සිතින් |
| තැවරි ඇත්තේ ජීවිතේ තණහාවෙනුයි මනසින් | නිතින් |
| දුක තමයි හැම දෙනා හට බිය වෙන්න ඇති මහ බය | ඉතින් |
උපුටා ගත්තේ නන්දලාල් ගුණරත්න
| මාතර ගඟේ ඉන්නා කිඹුලි ගෙ | පැටියා |
| තල්ල දිගයි බෙල්ලේ ගෝමර | කැටියා |
| යන එන පාරු නවතාගෙන | සිටියා |
| මිනී නොකයි මාතර කිඹුලි ගෙ | පැටියා |
උපුටා ගත්තේ නන්දලාල් ගුණරත්න හා වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි.
මාතර ගඟේ කිඹුලි යන අන්වර්ත නාමයෙන් හඳුන් වන්නේ කවුද?
මේ ළමා කවියකි
| මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ |
| පැහිල ඉදිල බිමට වැටිල බරවෙලා අතු |
| නංගිට යි මට යි ගෙඩි දෙකක් ඇති |
| වැඩිය කඩන නරක ළමයි එම නොවේ අපි |
උපුටා ගත්තේ නන්දලාල් ගුණරත්න.
මේ බුදු ගුණ අලංකාරයේ 137 වැනි කවිය යි.
| බොරු වේ මතුරු | බැඳ |
| වලහන ලෙවන් හැම | සඳ |
| බමුණන් ගෙන් | දුලද |
| වැඩක් වූයේ ලොවට කි | කල ද |
බොරු වෙද මන්ත්‍ර ගොතා හැම විට ම මහජනයා රවටන මිථ්‍යා ලබ්ධීන් වැළද ගත්, බ්‍රාහ්මණයන් ගෙන් ලෝකයාට යහපතක් වූයේ කවර කලක ද?
උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි.
ඊයේ කවියට පිළිතුරු කවිය:
| අට පහ නොදන්නා බව කාගේ | කවුද |
| බසක් නැතිව එන්නට කීවේ | කවුද |
| ගසක් නැතිව දලු ලියලන්නේ | කොහෙද |
| මල්ලට දෙමල්ලක් කාපිය මට | මොකද |
උපුටා ගත්තේ අනුරාධ රත්නවීර.
මේ තේරවිලි ජන කවියකි.
| මිණි මිණි පොදේ ගණ අඳුරේ කන | මදුරු |
| බල්ලෙක් ඉඳං උඩු බුරලයි උගෙ | නපුරු |
| කෙල්ලෙක් ඉඳං දොර නාරියි ඇගෙ | නපුරු |
| මල්ලක් කදුරු කඤ්ඤං හනික දොර | හරු |
උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.
මෙය ගුත්තිල කාව්‍යයේ එන උදේනී පුර වැනුමෙහි ගැනෙන කවියකි.
| සරා | සලෙළු දන | සතොසේ |
| සුරා | පාන කරන | ලෙසේ |
| පුරා | අවුළු නොයෙක | රසේ |
| සරා | අවන් හල් | සහසේ |
උපුටා ගත්තේ සම්පත් විජේතුංග.
මේ ඇස්. මහින්ද හිමියන්ගේ දේශාභිමානී කවියකි.
|
උපුටා ගත්තේ වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි.