මෙය කුමරතුඟුවන් ගේ "කියවන නුවණ" පළමු පොතේ ඇති කවි පෙළ කි.
| හා හා හරි | හාවා |
| කැලේ මැදින් | ආවා |
| හිට ගෙන ගඟ | ගාවා |
| වට පිට ඇහැ | ලෑවා |
| කොල දෙකටක් | කෑවා |
| පැන් උගුරක් | බීවා |
| තොල කට ලෙව | කෑවා |
| ඉතිං ඇතැයි | කීවා |
| තබා නිකට | ගාවා |
| වීණාවක් | වෑවා |
| මිහිරි සින්දු | කීවා |
| නැටුම් ටිකක් | පෑවා |
| එයින් වෙහෙස | වූවා |
| ඉඳගෙන හති | ලෑවා |
| තණ බිස්සේ | බාවා |
| ඇඟ පත සතැ | පූවා |
| බිරුම් හඩක් | ආවා |
| ඉහළ වීසි | වූවා |
| කොඳු ඇට හිටැ | වූවා |
| කන් දෙක දිග | පෑවා |
| බිරීම ළං | වූවා |
| කඳ හරහට | බාවා |
| සතර පයට | පාවා |
| දීලා "යමු" | කීවා |
| පැදුර උඩින් | බෝවා |
| විදුලි කෙටිලි | පෑවා |
| කොළ සරබර | ගෑවා |
| බිරූ කටත් | ආවා |
| බිරීම නැවැ | තූවා |
| නාසය බිම | ගෑවා |
| ඇහින් රැහැන් | ලෑවා |
| කොයි ද කොයි ද | හාවා |
උපුටා ගත්තේ විරාජ් හා
දසුන්ප්රිය අනුරාධ.
1 comment:
නියමයි!
Post a Comment