පුරාණයේ පටන් අපේ ඇත්තන් මොනවා කරන්නත් කලියෙන් තමන්ගේ ආගම දහම සිහි කොට, වැඳ අවසර ගත්තා. ඔන්න අපේ ඉතිහාසය ගත්තොත්, විවිධ නාඩගම්, නූර්ති, ජන වහර කටවහරේ එන නොයෙක් කතා සහ අප ජන සමාජයේ පවතින සිරිත් විරිත් වලින් මේ බව තව දුරටත් ඔප්පු වෙනවා අපේ ජන ජීවිතය බුදුන් දහම් සඟුන් ඇතුලු ත්‍රිවිධ රත්නය කෙරෙහිද නොපෙනෙන තිස් තුන් කෝටියක් වූ දෙවි දේවතාවුන් වහන්සේලා සමග ද බැඳී තිබුනේය. ස්වභාව ධර්මයේ සියලු වස්තූන් දේවත්වයේ ලා සැලකීමට ඔවුහූ එකල පුරුදු වී සිටියෝ ය. අව්ව වැස්ස ඉර හඳ සුළං තම භව බෝග සහ අස්වැන්න කෙරෙහි බලපෑම් ඇතිකරන එක්තරා අභිචාරී බලවේගයකැයි ඔවුහු විස්වාස කළෝය. ඉතින් කරන්නට යන ඕනෑම කාර්ය්‍යයකට කලියෙන්, ඒ කිව්වේ ඕනෑම හොඳ වැඩකට කලියෙන් බුදුන් දම් සඟුන් වැඳ අවසර ලබා ගන්නා පුරුද්දක් අප ජන සමාජයේ පවතී. ඕනෑම වැඩකට යන්නට කලියෙන්, ආගම ධර්මය සිහි කරන්නෙත්, දෙමාපියන් වැඳ අවසර ගන්නෙත් ඒ නිසයි.
බුද්දං සරණේ සිරස | දරාගෙන |
දම්මං සරණේ හිත | පහදාගෙන |
සංඝං සරණේ සිවුරු | දරාගෙන |
ඉඤ්ඤයි තුන් සරණේ | අදහාගෙන |
බුද්දං | සරණයෙන් | බුදු ගුණ | කියන | වරං |
දම්මං | සරණයෙන් | දම් ගුණ | කියන | වරං |
සංඝං | සරණයෙන් | නව ගුණ | කියන | වරං |
මේ තුන් | සරණයෙන් | මුඛ දිවි | හරින | වරං |
උපුටා ගත්තේ බෝදිනී සමරතුංග.