2008-07-28

දවසේ කවිය: 2008-07-27

මේ ජන කවියකි:

අයිය යි මම යි අමු කිරි ගල්ගියෙම්මා
අමු කොටලා බත් දුන්නෙයිකුඩම්මා
මොණර මාලු උඩහල්ලේතියෙම්මා
අපට මාලු අල කොළ දැයිකුඩම්මා

අම්මා නැති දරුවනට කුඩම්මාගෙන් හිමි විය හැකි දුක් හා අසාධාරණ ගැන මොණර මාලු උඩහල්ලේ ඇති බැව් දැක දැකත් අල කොළ මාලු සමග බත් කන කුඩා දරුවකු ගේ දුක් බර වදන් වලින් කීමට ජන කවියා සමත් වී ඇති සැටි!

උපුටා ගත්තේ වසන්ත දේශප්‍රිය.

2 comments:

නාමල් උඩලමත්ත said...

සිංහල ගැමියා නිසඟයෙන් ම කවියෙක් බැව් පසක් කරන කවෙකි. මේ සොඳුරු කවේ ආභාසය ලැබ රත්න ශ්‍රී විජේසිංහ විරචිත වෙසරද ගුණදාස කපුගේ සුගැයූ 'මොනර මාලු උඩු හල්ලේ නොවෙද තියෙන්නේ-අපට මාලු අල කොළදෝ අදත් කුඩම්මේ' යන ගී මිණ මා මතකයට ආයේ නිතැතිණි.

Anuradha Ratnaweera said...

මේ කවිය සවිදහනට ඉදිරිපත් කරද්දී ද වසන්ත දේශප්‍රියයන් ඔය ගීය ගැන කීවා.