දවසේ කවිය: 2008-09-05 දින පලවූ කවියය මෙසේ ය. ඒ දස්කොන් මරණයට ගෙන යන කල ප්‍රමිලා බිසව කියූ කවිය කි.
සක්මන් කරන මලුවේදී බැදි | හාද |
සිත් සන්තොසින් දුන් මුව මී | බීවාද |
ඉක්මන් ගමන් හිමියනි අද | යනවාද |
දස්කොන් මගෙ නමට ජීවිත | දෙනවාද |
එම කවියට දස්කොන් පිළිතුරු බැන්ඳේ මෙ ලෙසින් ය.
වෙසෙස් කමලාව රස පහස නො ලැ | බමා |
දසිස් දුනි පොරණ ඇස දුටු පමණ | ටමා |
වෙසෙස් නුඹේ අමයුරු පහස ලත් | මෙමා |
ම හිස් එකක් ගියෙ නම් නුඹෙ නමට | කිමා |
මෙහි තේරුම සැකවින් මෙසේ ය. රාම-රාවන පුවතෙහි එන සීතාවගේ පහස නො ලැබම, ඇස දුටු පමණින් ම, පුරාණයේ රාවන තම හිස් දහයම දුනි නම්, ප්‍රමිලා දේවියගේ අමයුරු පහස රිසි සේ ලැබ තම එක හිස් දීම කවර වරදකි ද? මේ කියන්නේ දස්කොන් ය.
උපුටා ගත්තේ රජිත් විදානආරච්චි.
No comments:
Post a Comment