2008-10-02

දවසේ කවිය: 2008-10-02

සන්න සහිත පද යනුවෙන් ජන කවියා හැඳින්වුයේ තේරවිලි සිව්පද ලෙස ය. සන්න යනු ගැටළුව නිරවුල් කොට එනම් තේරුම - අර්ථය - ගෙන දෙන යන අදහස බව ව්‍යවහාරයෙන් පැවත එයි. මේ තේරවිලි කවි කිහිපය උපුටා ගත්තේ නෝමන් සිරිපාල මහත්මයා විසින් රචිත "ජනකවි අධ්‍යයනය" ග්‍රන්ථයෙනි.

දස දහසක් සක්වල දෙවියන්ගෙඅණින්
පංච පරදානි ගුරුවර මුදලිඅණින්
දන්ත ධාතු ජයසිරි මහ බෝධිඅණින්
සන්න සහිත පද කීමට වරන්ගනින්

පෙර කලේ කරපු අකුසල්වලඅපලා
මෙම කාලේ විඳිති දුක් පැල්වලටවෙලා
රජ කාලේ පටන් පුරුදුයි පැල්රැකලා
ලොකු රාළේ කියන් පැල්කවිතෝරාලා

එහි තෝරාලා යන්නෙන් කියැවෙන්නේ තේරවිලි යන්නයි.

මෙන්න තේරවිලි කවියක්

ඇස් දහයකි අට බැල්මකි දෙකක්කනා
පා දසයකි අට පයකින් ගමන්යනා
මෙ පස් දෙනෙකි පා සතරකි සැරිසරනා
මේ සන්නේ තේරූ කෙනෙකුන්හපනා

උපුටා ගත්තේ බෝදිනී සමරතුංග.

No comments: