2008-10-05

දවසේ කවිය: 2008-10-05

ගජමන් නෝනා දෙනිපිටියේ නුගරුක ගැන කල වර්ණනාවක්

පින වන දුටු දන සෑ ම ගඟලග පිහිටි කදී ම
තුරු පෙල අවට සැදී ම යූත් සෙ ව නැ ල්

ගණ මේ කුලෙව් දිලී ම විහඟුන් මත රැව්දී ම
සුළඟින් පත් ලෙළ දී ම ඇ ති හැ ම ක ල්

යන එන අය සැපසේ ම එහි ඉඳ ගිම් සැනසී ම
දස දිග අතු විහිදී ම ගි මෙ න වි ස ල්

දෙනිපිටියට ම ඉතා- ම වටිනා මහ නුග දු ම
බල සකි එහි සිත්සේ ම නි ල ඹ ර දු ල්

සැම වර දන මන නන් ද පලබර පුලූපු උයන් ද
නෙකවතු කුඹුරු වලින් ද සැ දැ දෙ ප සේ

පෙමකරවන නිතියෙන් ද සල්පිල් සහ ගෙවලින් ද
එහි සරණා මැති සෙන් ද සැ ණ කෙ ළි සේ

කිවියර වඩු සිතුව ම් ද දැනගත් සිපි ඇදුරන් ද
සැදි දෙනිපිටිය නිමින් ද යු ත් පි ය සේ

නුගතුර තුනුරුසුරෙන්-ද පලකර සක්දේවින් ද
පරසතු රුක විලසින් ද නි බ ඳ දි සේ

උපුටා ගත්තේ සිතුවිලි.

2008-10-04

දවසේ කවිය: 2008-10-04

ගජමන් නෝනා හා ඇලපාත මුදලි ගැන අපි කවුරුත් දන්නවා. ඒ දෙදෙනා අතර හුවමාරු වූ කවි කිහිපයකි මේ.

ඇලපාත මුදලි,

කවි පුතුන් ඇසුරු සිප්සත් දත්රුවැති
ගජනමින් පසිඳු අඟනක් ළඟමඇති
සැම කතුන්ගේ ම සිරිතක් වූපැවැති
හොර හිමින් ගැනුම අත් නෑරමකරති

ගජමන් නෝනාගේ පිලිතුර,

සායේ වැදීලා විත් මෙපුර කිවියරූ
මීයේ වදය මෙන් රස කොට කියතිබොරූ
ලීයේ ඇදය හරිතත් හුය ලාඅඟුරු
වෑයේ ඇදය බැලුවම ඊටත්නපුරු

ඇලපාත මුදලි,

රූබර දිගැසියන් වෙල මැදට බසිමිනේ
ආදර යෙන් කරල්මිටි රැගෙන යනතැනේ
වාසර යෙන් ඉන ඇඳි වත ඉවත්වුනේ
වානර මුව සෙ නැබ මුල සුරති ගතිපෙනේ

ගජමන් නෝනාගේ පිලිතුර,

කේසර එන්ට පළමුව ගිජිඳුගෙදස්සේ
වේසර හට වුවොත් කුරුළුට වෙයිදුස්සේ
ඒ සැර ලියෝ ඇසුවොත් ඔය වගදස්සේ
වානර මුව උලති හම යන තුරුහොස්සේ

උපුටා ගත්තේ සපුමල් ජයරත්න.

2008-10-03

දවසේ කවිය: 2008-10-03

දවසේ කවිය: 2008-09-05 දින පලවූ කවියය මෙසේ ය. ඒ දස්කොන් මරණයට ගෙන යන කල ප්‍රමිලා බිසව කියූ කවිය කි.

සක්මන් කරන මලුවේදී බැදිහාද
සිත් සන්තොසින් දුන් මුව මීබීවාද
ඉක්මන් ගමන් හිමියනි අදයනවාද
දස්කොන් මගෙ නමට ජීවිතදෙනවාද

එම කවියට දස්කොන් පිළිතුරු බැන්ඳේ මෙ ලෙසින් ය.

වෙසෙස් කමලාව රස පහස නො ලැබමා
දසිස් දුනි පොරණ ඇස දුටු පමණටමා
වෙසෙස් නුඹේ අමයුරු පහස ලත්මෙමා
ම හිස් එකක් ගියෙ නම් නුඹෙ නමටකිමා

මෙහි තේරුම සැකවින් මෙසේ ය. රාම-රාවන පුවතෙහි එන සීතාවගේ පහස නො ලැබම, ඇස දුටු පමණින් ම, පුරාණයේ රාවන තම හිස් දහයම දුනි නම්, ප්‍රමිලා දේවියගේ අමයුරු පහස රිසි සේ ලැබ තම එක හිස් දීම කවර වරදකි ද? මේ කියන්නේ දස්කොන් ය.

උපුටා ගත්තේ රජිත් විදානආරච්චි.

2008-10-02

දවසේ කවිය: 2008-10-02

සන්න සහිත පද යනුවෙන් ජන කවියා හැඳින්වුයේ තේරවිලි සිව්පද ලෙස ය. සන්න යනු ගැටළුව නිරවුල් කොට එනම් තේරුම - අර්ථය - ගෙන දෙන යන අදහස බව ව්‍යවහාරයෙන් පැවත එයි. මේ තේරවිලි කවි කිහිපය උපුටා ගත්තේ නෝමන් සිරිපාල මහත්මයා විසින් රචිත "ජනකවි අධ්‍යයනය" ග්‍රන්ථයෙනි.

දස දහසක් සක්වල දෙවියන්ගෙඅණින්
පංච පරදානි ගුරුවර මුදලිඅණින්
දන්ත ධාතු ජයසිරි මහ බෝධිඅණින්
සන්න සහිත පද කීමට වරන්ගනින්

පෙර කලේ කරපු අකුසල්වලඅපලා
මෙම කාලේ විඳිති දුක් පැල්වලටවෙලා
රජ කාලේ පටන් පුරුදුයි පැල්රැකලා
ලොකු රාළේ කියන් පැල්කවිතෝරාලා

එහි තෝරාලා යන්නෙන් කියැවෙන්නේ තේරවිලි යන්නයි.

මෙන්න තේරවිලි කවියක්

ඇස් දහයකි අට බැල්මකි දෙකක්කනා
පා දසයකි අට පයකින් ගමන්යනා
මෙ පස් දෙනෙකි පා සතරකි සැරිසරනා
මේ සන්නේ තේරූ කෙනෙකුන්හපනා

උපුටා ගත්තේ බෝදිනී සමරතුංග.

2008-10-01

දවසේ කවිය: 2008-10-01

මෙය ජන කවිය කි.

අනේ දෙවියනේ මට වුනුවියෝයා
පැළේ පැදුර හොරු අරගෙනගියෝයා
ගෙදර ගිය කලට අඬ දබරබෝයා
පැදුර දුන් කෙනෙක් මගෙ නෑසියෝයා

උපුටා ගත්තේ නිලන්ත පියසිරි, සම්පත් සිටිනාමළුව, හා යජිත් අජන්ත.