2008-09-15

දවසේ කවිය: 2008-09-15

මේ ගණදෙවි හෑල්ලේ ගණදෙවි උපත යි.

ආයුබෝ වෙන සෙතා
ඉසුරු වරමින් යුතා
උමාහණ දළ නෙතා
ඉසුරු එබිසෝ වෙතා

ගැබ කුමරු හටගතා
දිනෙන් දින මෝරතා
දොළ උපත හටගතා
රසමියුරු ගෙණ දෙතා

එ‍‍දොළ සන්සිඳුවතා
එසත් මස පිරිගතා
දෙතන පුඩු කළු වෙතා
කිරිබරින් සිටගතා

නව සදෙව් රුවිනිතා
දස එකඩ මස වෙතා
විළිරදය පහරිතා
ගුරු දිනේ බිහිවෙතා

උපුටා ගත්තේ නිරංජන් මීගම්මන.

No comments: