2008-08-31

දවසේ කවිය: 2008-08-31

මේ අන්දරේ කියූ කවිය කි.

රිදී කළේ රන් කොතලේ බීපුමට
නිකම් කළේ පැන් නැති වියපිපාසෙට
කොට්ට මෙට්ට ඇඳ ඇතිරීලි තිබුණමට
මෙහෙමත් කල යා ද පලු වීර ගස්යට

උපුටා ගත්තේ සුජීව කුමාර.

2008-08-30

දවසේ කවිය: 2008-08-30

මේ සොකරි නාටකයෙහි ගායනා කෙරෙන කවිය කි.

යාලක් විතර වී අව්වේවනාලා
දොළසක් විතර ඇඟ ගෝමරඉසීලා
අතක් දිගට නිල් වරලසමිදීලා
සොකරි සිටිති වී අව්වේවනාලා

උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි.

2008-08-29

දවසේ කවිය: 2008-08-29

මේ සොකරි නාටකයෙහි ගායනා කෙරෙන කවිය කි.

ආලවඩන පියයුරැ දෙක ළැමදිලිසෙන්නේ
කෝළනැතුව සබයට එළි බැසලානටන්නේ
මාලකරට දමා හැට්ට සළුපළදින්නේ
බාළසොකරි ළමා මෙනුඹ නටාවරෙන්නේ

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-08-28

දවසේ කවිය: 2008-08-28

මේ පතල් කවිය කි.

ඉන්නේ දුම්බරයි මහ කලු ගලක්යට
කන්නේ කරවලයි රට හාලේබතට
බොන්නේ බොර දියයි පුරුවේ කලපවට
යන්නෙත් කවදාද මව්පියෝ දකින්නට

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-08-27

දවසේ කවිය: 2008-08-27

මේ බුද්ධ ගජ්ජයේ පළමු වැනි කවිය යි.

නමස්සමන්තභද්‍රාය
සර්‍වගොචරචක්‍ෂුෂෙ
කරුණාමෘතකලේලාල
සන්‍ධවෙසූර්‍ය්‍යබන්‍ධවෙ

සර්‍වගෝචරචක්‍ෂුෂෙ = සියල්ල විෂය කොට ගත් නුවණැස් ඇති හෙවත් සර්වඥතාඥාණය ඇති,

කරුණාමෘතකලේලාලසිධවෙ = කරුණා නැමැති අමරළපතරට දොහෝ නො හොත් අමා බඳු වූ කරුණා රළපතර ට මුහුදක් බඳු වූ,

සූර්යබන්ධවෙ = සූර්යබන්ධු වූ,

සමනතභද්‍රාය = සමන්තභද්‍ර වූ, බුදුන්වහන්සේ ට,

නමඃ = මා ගේ නමස්කාරය වේවා.

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත සහ දසුන්ප්‍රිය අනුරාධ.

.

2008-08-26

දවසේ කවිය: 2008-08-26

මේ සැළලිහිණි සන්‍දේශ‍යේ කවිය කි.

මිතුරු තුමෝ දුක් සැප දෙකෙහි මපැවති
බිතුසිතුවම් රූ මෙන් පිටුනොපාවිති
යුතුමතු වැඩම තෙපළ එවැනි ගුණඇති
සිතුනතු කර අස යහළුව වඩනරුති

දුකේ දීත් සැපේදීත් නොසැලී එකසේ සිතමින් ලඟින් සිටින මිත‍්‍රයා නියම මිත‍්‍රයෙකි. ඔහු හරියට බිත්තියක ඇඳි සිතුවමක් වැනිය. එම සිතුවම් කවදාවකවත් බලන කෙනාට පිටු නොපායි. එමෙන්ම සෑම කල්හිම යහපතක් සිදුවනදෙය ඔහු කරන අතර අනෙකාටද හොඳ දෙයක්ම කියා දෙයි.

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-08-25

දවසේ කවිය: 2008-08-25

මේ ඔන්චිලි වාරම් කවිය කි.

ඔංචිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
කඩන්ට බැරි කටු අකුලේ
කඩා දියන් මගේ මලේ

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-08-24

දවසේ කවිය: 2008-08-24

මේ සුභාෂිතයෙනි.

අමිත ගුණ නුවන යුතු උතුමෝපබඳ
අනත වෙහෙස ලදුවත් නොම වෙතිදුගඳ
දිගත පතල සුවඳැති සොඳ සඳුන්කඳ
සිදිත මඩිත එක ලෙස පැතිරෙයිසුවඳ

උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි සහ රෝහණ විජේතුංග.

2008-08-22

දවසේ කවිය: 2008-08-23

මේ වදන් කවි පොතේ 39 වැනි කවිය යි.

අඹ දඹ ඇටඹ ද කරඹ දපුදමී
හොලුපලු ලාලු ද ගිවුලු දපුදමී
අතිරස අග්ගල අත්සුණුපුදමී
ගණදෙවි නුවණක් දෙනු පාවඳිමී

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

දවසේ කවිය: 2008-08-22

මේ අන්දරේ ගේ කවිය කි.

බොහොම හොඳට රන්කම් කළ වැඩක්වගෙයි
දේවතුමට මහ බඹු දුන් ලියක්වගෙයි
ලෝකෙ ඉන්න පඬිනට පිස්සුවක්වගෙයි
කොහොඹ ගහට කරවිල වැල ගියාවගෙයි

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

දවසේ කවිය: 2008-08-21

මා බාලේ ඇති කළ තල ගොයිපැටියා
මගේ තනියට ඌ මිදුලේ කෙලිමින්සිටියා
නපුරු සතෙක් අවිදින් ඌ අරන්ගියා
නිවන් පුරේ පලයන් තල ගොයිපැටියා

උපුටා ගත්තේ නිලන්ත පියසිරි.

දවසේ කවිය: 2008-08-20

මේ සුභාෂිතයෙනි.

විපුලගුනැති මහතුන් හට පත්විපත
නිසලනැණින් යුතු උතුමෝ ම දුරලත
කළලගිලුනු මත වරනිදු ගොඩගනුත
තුමුලබලැති ගිජිදෙකු මිස අන්කෙවත

උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි සහ රෝහණ විජේතුංග.

දවසේ කවිය: 2008-08-19

කටේ කිරි සුවඳ යන්න ට පවා බැරිවුනා
යුදට උපන් කුමරෙක් යැ යි නමක් ඇතිවුනා
මුල්ලේරිය වෙලේ වතුර ලෙය ට හැරවුනා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුනා

උපුටා ගත්තේ නන්දලාල් ගුණරත්න

දවසේ කවිය: 2008-08-18

මේ ගැල් කවිය කි.

කලු ගල් තලාලයි පාරටදමන්නේ
එම ගල් පෑගිලයි ගොන් කුරගෙවෙන්නේ
ගොනා නොවෙයි හරකයි බරඅදින්නේ
කිරිගල් පොත්ත කන්දයි අපිනගින්නේ

උපුටා ගත්තේ ශ්‍රීශානු,සහන් තත්තිරිවත්ත,නිලන්ත පියසිරි, හා සුජීව කුමාර.

දවසේ කවිය: 2008-08-17

‍මේ ගොයම් කවිය කි.

රන් දෑකැති ගෙන නිතිසැරසෙනවා
රත් රන් පටි ඉන වටදිලිසෙනවා
රිවි දුටු පිණිබිදු ලෙසපහවෙනවා
දුම්බර කෙතෙ අපි ගොයම්කපනවා

උපුටා ගත්තේ සුජීව කුමාර.

දවසේ කවිය: 2008-08-16

මහාමායා දේවිය දුටු සිහිනය.

දෙනෝ දහක් අඟනෝ මට මල් නෙළුවා
අනොත්ත විල මැද යහනත හිඳුවා
කන්යා ලියෝ දෙන්නෙක් පැන් නෑවෙව්වා
අනෝතත්ත විල මම සීනෙන් දුටුවා

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

දවසේ කවිය: 2008-08-15

සන්නිවේදනය නොදියුණු අතීත යුගයේ නිවසින් බැහැර බොහෝ ඈත අඳුරු පතල තුළ වැඩෙහි යෙදී සිටි පතල් කරුවාට ගෙදර අඹු දරුවන් පිළිබඳ කිසිදු තොරතුරක් දැන ගැනීමට නොහැකි වූ තැන ඔහු ජීවිතයේ කලකිරීම මේ අයුරින් පවසා ඇත.

පිහියක් එවාපන් පපුවට ඇනගන්න
පව්ම්ක් එවාපන් පාසානන්කන්න
ලණුවක් එවාපන් බෙල්ලෙ ලාගන්න
ලියුමක් එවාපන් දුක සැප දැනගන්න

උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි.

දවසේ කවිය: 2008-08-14

පතලේ වැඩකරන ගැහැනු පිරිමින් තුළ හිතවත් කම සීමාව ඉක්ම ගිය තැන් ඇතැම් පතලෙ ගී තුළින් දක්නට ඇත. මේ සිරිගර රසයෙන් යුතු පැදිය ඊට උදාහරණ සපයයි

කලුවන් කලු රුවයි අන්ගෝදිලිසෙනවා
මිනිරන් තෝරන්න දින ගණනින්එනවා
මිනිරන් තේරුවොත් ලඳ නුඹ කලුවෙනවා
ලඟනම් ගෙදර මුර ඇරුනම මමඑනවා

උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි.

2008-08-13

දවසේ කවිය: 2008-08-13

මේ සුභාෂිතයේ 39 වැනි කවිය යි.

කුරිරුගොර සපුන්ගේ දළ' ගෙහිවිසය
මදුරුමැසි කැලන්ගේ තුඩ'ගෙහිවිසය
රුදුරුනුහුසුවන්ගේ වල'ගෙහිවිසය
නපුරුදුදනන්ගේ සියල'ඟෙහිමවිසය

අරුත: විස ගොර සර්පයින්ගේ විස ඇත්තේ දළ අගෙහි ය. මදුරුවන් ගේ විස ඇත්තේ තුඩ අගෙහිය. රුදුරු ගෝනුස්සන්ගේ විස ඇත්තේ වල්ගයේ අගය. නමුත් නපුරු දුදනන් (මිනිසුන්) ගේ මුලු සිරුර පුරාම විසය; යනුවෙන් දුදනන්ගේ පාපී බව, නපුරු බව කියා පායි.

උපුටා ගත්තේ දසුන්ප්‍රිය අනුරාධ.

2008-08-11

දවසේ කවිය: 2008-08-12

මේ වෙද ගැටය කි.

අනේදෙවියනේ මට මතකනැතිකොට
වනේලා කොටා වේලාපදමකට
තනේමවුන්ගේ කිරි සමඟඑක්කොට
කනේවක්කරන් තද බඩරුදාවට

වෙද ගැටවලින් කැරෙන්නේ අරුත සඟවා කීම ය. මේ බෙහෙත කියන්නේ, අම්ලපිත්ත රෝගය නම් වූ බඩේ දැවිල්ලට ය.

‘අනේ දෙවියනේ මට මතක නැති කොට’ යන්නෙන් අදහස් කරන්නේ රසකිඳ ය. ‘තනේ මවුන්ගේ කිරි’ යන්නෙන් අදහස් කරන්නේ ‘එළකිරි’ ය. ‘කනේ’ ය කියන්නේ ‘කටේ’ය යන්නටය

පණ්ඩිත විලියම් අල්විස් වෙද ‍මහතා ගේ මෙම වෙද ගැටය, ඩී. එෆ්. කාරියකරවන සුබැසියන් විසින් සිළුමිණ පුවත් ප‍තහි සදොස් නිදොස් තීරුවේ පළ කරන ලදී.

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

දවසේ කවිය: 2008-08-11

මා වැනිබිලින්දා
වර වර ලඟටකැන්දා
දුක් සැපකුමන්දා
අසන නිරිදෝ වෙනකොයින්දා

මේ කවිය හා 'දත් කැකුලු පාලා' කවිය තොටගමුවේ ශ්‍රී රාහුල හිමි කුඩා කළ කියූ බවට මතයක් තිබේ. කුඩා කාලයේ පියා අහිමි වීමෙන් පසු පැවිදි වන තෙක් රාහුල හිමි හැදී වැඩී තිබෙන්නේ එවකට රජු වූ සවත පැරකුම්බා රජුගේ පුතෙකු ලෙසයි. රාහුල හිමිගේ පියා රදළ පරපුරකින් පැවත එන්නෙක්.

උපුටා ගත්තේ නන්දලාල් ගුණරත්න හා අරවින්ද.

දවසේ කවිය: 2008-08-10

දත් කැකුලුපාලා
සුරතල් සිනාසී ලා
බොළඳ බස්දීලා
කෙළී සියොලඟ දූලිගාලා

උපුටා ගත්තේ දසුන්ප්‍රිය අනුරාධ.

දවසේ කවිය: 2008-08-09

මේ ගැල් කවිය කි.

තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා
කටු කැලේ ගාල නොලිහා වද දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ දනවා
පවු කල ගොනෝ ඇදපන් හපුතල් යනවා

උපුටා ගත්තේ දසුන්ප්‍රිය අනුරාධ.

දවසේ කවිය: 2008-08-08

මේ පාරු කවිය කි

ඔන්න මලේ ඔය නා මල නෙළාවරෙන්
අත්ත බිඳෙයි පය බුරුලෙන් තබාවරෙන්
කැළණි ගඟේ ඔරු යනවා බලාවරෙන්
සාදු කාර දී ඔරුවක නැගීවරෙන්

උපුටා ගත්තේ වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි.

දවසේ කවිය: 2008-08-07

සිංහළ ගැමි ගීයේ පැල් කවියට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. හේනේ කුඹුරේ පැල් රැක්මට යන ගැමියා සතුන් පලවා හැරීමටත් තමන්ට ඇතිවන බිය, කාන්සිය, මහන්සිය තුරන් කර ගැනීමටත් පැල් කවිය හඬ නගා ගයා ඇත.

ලස්සන හිමවතේ මා වීපැසෙන්නේ
දුක් දෙන අලි ඇතුන් පන්නාහරින්නේ
රැකමෙන දෙවියනේ වෙල් බතබුදින්නේ
දුප්පත් කම නිසයි මා පැල්රකින්නේ

උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි.

දවසේ කවිය: 2008-08-06

ත්‍රිපිටකයෙහි ඛුද්දක නිකායේ පාරායන වග්ගයේ සුත්ත නිපාතයේ අජිත සූත්‍රයෙන් උපුටා ගන්නා ලදී. අජිත තවුසාගේ පැනයට බුදු රදුන් ගේ පිලිතුර.

පබැඳුම: පූජ්‍ය තල්ගස්වැවේ සීලානන්ද ස්වාමීන් වහන්සේ

ලොවේ සිටින සියලු සතුන් අවුරා ඇති දේමොකක්ද?
තමන් එලෙස වැසී සිටින බව නොදකින දේමොකක්ද?
සැම සතුනගෙ ජිවිතවල තැවරී ඇති දේමොකක්ද?
සෑම දෙනට මුහුණ දෙන්න සිදුවන මහ බියමොකක්ද?

 

වැසී ඇත්තෙ ලොවේ සැමසත අවිදු අඳුරිනි සැමඅතින්
ප්‍රමාදය හා මසුරුබව ඇති දනන් නොදනී එයසිතින්
තැවරි ඇත්තේ ජීවිතේ තණහාවෙනුයි මනසින්නිතින්
දුක තමයි හැම දෙනා හට බිය වෙන්න ඇති මහ බයඉතින්

උපුටා ගත්තේ නන්දලාල් ගුණරත්න

2008-08-05

දවසේ කවිය: 2008-08-05

මාතර ගඟේ ඉන්නා කිඹුලි ගෙපැටියා
තල්ල දිගයි බෙල්ලේ ගෝමරකැටියා
යන එන පාරු නවතාගෙනසිටියා
මිනී නොකයි මාතර කිඹුලි ගෙපැටියා

උපුටා ගත්තේ නන්දලාල් ගුණරත්න හා වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි.

මාතර ගඟේ කිඹුලි යන අන්වර්ත නාමයෙන් හඳුන් වන්නේ කවුද?

දවසේ කවිය: 2008-08-04

මේ ළමා කවියකි

මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ
පැහිල ඉදිල බිමට වැටිල බරවෙලා අතු
නංගිට යි මට යි ගෙඩි දෙකක් ඇති
වැඩිය කඩන නරක ළමයි එම නොවේ අපි

උපුටා ගත්තේ නන්දලාල් ගුණරත්න.

දවසේ කවිය: 2008-08-03

මේ බුදු ගුණ අලංකාරයේ 137 වැනි කවිය යි.

බොරු වේ මතුරුබැඳ
වලහන ලෙවන් හැමසඳ
බමුණන් ගෙන්දුලද
වැඩක් වූයේ ලොවට කිකල ද

බොරු වෙද මන්ත්‍ර ගොතා හැම විට ම මහජනයා රවටන මිථ්‍යා ලබ්ධීන් වැළද ගත්, බ්‍රාහ්මණයන් ගෙන් ලෝකයාට යහපතක් වූයේ කවර කලක ද?

උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි.

2008-08-03

දවසේ කවිය: 2008-08-02

ඊයේ කවියට පිළිතුරු කවිය:

අට පහ නොදන්නා බව කාගේකවුද
බසක් නැතිව එන්නට කීවේකවුද
ගසක් නැතිව දලු ලියලන්නේකොහෙද
මල්ලට දෙමල්ලක් කාපිය මටමොකද

උපුටා ගත්තේ අනුරාධ රත්නවීර.

දවසේ කවිය: 2008-08-01

මේ තේරවිලි ජන කවියකි.

මිණි මිණි පොදේ ගණ අඳුරේ කනමදුරු
බල්ලෙක් ඉඳං උඩු බුරලයි උගෙනපුරු
කෙල්ලෙක් ඉඳං දොර නාරියි ඇගෙනපුරු
මල්ලක් කදුරු කඤ්ඤං හනික දොරහරු

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

දවසේ කවිය: 2008-07-31

මෙය ගුත්තිල කාව්‍යයේ එන උදේනී පුර වැනුමෙහි ගැනෙන කවියකි.

සරාසලෙළු දනසතොසේ
සුරාපාන කරනලෙසේ
පුරාඅවුළු නොයෙකරසේ
සරාඅවන් හල්සහසේ

උපුටා ගත්තේ සම්පත් විජේතුංග.

දවසේ කවිය: 2008-07-30

මේ ඇස්. මහින්ද හිමියන්ගේ දේශාභිමානී කවියකි.

මගේරට මගේ ජාතිය මගේගම
මගේසත් සිරිත් සහ ජාතිකඋරුම
මගේවැරෙන් නිදහස් කරගැනුම
මගේයුතුකමැ යි සිතවු දෙනසැවොම

උපුටා ගත්තේ වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි.