කම්මැලි | කොල්ලනේ |
පොල් කටුව ගෙන | අතිනේ |
පලයව් | හිඟමනේ |
තොපට නැත කිසි වැඩක් මෙ | තැනේ |
උපුටා ගත්තේ නන්දලාල් ගුණරත්න.
හෙළ බසේ අසිරිය!
කම්මැලි | කොල්ලනේ |
පොල් කටුව ගෙන | අතිනේ |
පලයව් | හිඟමනේ |
තොපට නැත කිසි වැඩක් මෙ | තැනේ |
උපුටා ගත්තේ නන්දලාල් ගුණරත්න.
මේ වදන් කවි පොතේ 33 වැනි කවිය යි.
වේවැල් කෝටු නාරං සියඹලා | අතු |
කිතුල් පොල් ඉරටු වැල් කසඹිලිය | අතු |
මෙ හැම ඉපල් මගෙ දෑතට නොපෑ | යුතු |
පමා නොවී එමි අකුරට මෙයින් | මතු |
උපුටා ගත්තේ විරාජ් කාලිංග.
මේ ජන කවියකි:
අයිය යි මම යි අමු කිරි ගල් | ගියෙම්මා |
අමු කොටලා බත් දුන්නෙයි | කුඩම්මා |
මොණර මාලු උඩහල්ලේ | තියෙම්මා |
අපට මාලු අල කොළ දැයි | කුඩම්මා |
අම්මා නැති දරුවනට කුඩම්මාගෙන් හිමි විය හැකි දුක් හා අසාධාරණ ගැන මොණර මාලු උඩහල්ලේ ඇති බැව් දැක දැකත් අල කොළ මාලු සමග බත් කන කුඩා දරුවකු ගේ දුක් බර වදන් වලින් කීමට ජන කවියා සමත් වී ඇති සැටි!
උපුටා ගත්තේ වසන්ත දේශප්‍රිය.
මේ සුභාෂිතයේ 20 වැනි කවිය යි.
පින් මඳ | පුතුන් | සියයක් ලදුවත් | නිසරු |
ගුණ නැණ | බෙලෙන් | යුතු පුතු ම ය ඉතා | ගරු |
එක පුන් | සඳින් | දුරු වෙයි ලොව ගන | අඳුරු |
නෙක තරු | රැසින් | එ ලෙසට නොම වේ ය | දුරු |
අරුත: පින් අඩු (පව්කාර) පුතුන් (දරුවන්) සියයක් සිටිනවාට වඩා, ගුණ නුවණින් පිරුණු එක් පුතකු (දරුවකු) සිටීම වටනේ ය. එක පුර සඳෙන් ලොව ගන අඳුර දුරලූවත්, නා නා විධ තරු රැසක් පෑයූව ද එ ලෙස අඳුර දුරලිය නොහැක්කා සේ ය.
උපුටා ගත්තේ දසුන්ප්‍රිය අනුරාධ.
මේ බුදු ගුණ අලංකාරයේ 198 වැනි කවිය යි.
බව දුක් ගිනි | නිවන |
සත මඟ පෙලෙන පින | වන |
නැත සරි වන දෙ | වන |
කෙනෙක් මුනිඳුට තිලෝගුරු | වන |
අරුත: බව දුක නම් වූ ගින්න නිවන, සත්ත්වයා මාර්ග ඵලයෙන් පිනවන, තිලෝගුරු බුදු රදුන්‍ට සම වන හෝ උන් වහන්සේ දෙ වැනි තැනට පත් කරන කිසිවෙක් නැත.
උපුටා ගත්තේ රුක්ෂාන්.
මේ ලෝ වැඩ සඟරාවේ ඇරැඹුම් කවිය යි.
සෙ | ත් සිරි දෙන මහ ගුණ මුහු | දාණන් |
ස | ත් හට වන බව දුකට වෙ | දාණන් |
ති | ත් ගනදුර දුරලන දිනි | ඳාණන් |
සි | ත් සතොසින් නමදිම් මුනි | ඳාණන් |
උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.
මේ කුමරතුඟු මුනිදසුන් ගේ ශික්ෂා මාර්ගයෙහි එන කවියකි.
මහ පුදුමෙ | කි |
මලෙක මලෙ | කි |
නැහැ එහි ස | කි |
සමනලයෙ | කි |
උපුටා ගත්තේ ශ්‍රීශානු.
මෙය ගුත්තිල කාව්‍යයේ එන ගි මත් විරිතෙන් ගැනෙන කවියකි:
ගල මුනිඳු | මත්තේ |
හෙත කිසිවක් නො | දත්තේ |
ගලෙක් | පිළිගත්තේ |
එහෙව් ගුණ මොහු නො | පිළිගත්තේ |
උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි.
මේ කවිය වෙසතුරු දා කවෙනි (වෙස්සත්නර ජාතක කාව්‍යයෙනි).
දරා ගන්ට බැරිවිය උනුනුන් දුටු සන්තොස මගෙ | ම්මේ | කර |
දරා වෙහෙස දුක් කිසිවක් නැතිවිය එහි ගිය විගසි | ම්මේ | |
පුරා අවට සිටි මහසේනාවද හැඩී තුටු කඳුලි | ම්මේ | - එම |
වරා පැවති පියකරු ගති කීමට බැරි එක මුවකි | ම්මේ |
උපුටා ගත්තේ නිරංජන් මීගම්මන.
මේ සුභාෂිතයේ ඇරැඹුම් කවිය යි.
සත වෙත පත මෙත සඟ හස සෙවි | පසිඳූ |
අවනත සුර මත මිණි තර සර | පුබුදූ |
දිගු රතඟිලි දළ පෙළ මොක් සුවඳ | රැඳූ |
සිය පත සිය සිය පත සිය පත | නමඳූ |
උපුටා ගත්තේ රජිත් විදානආරච්චි.
මේ කවිය විමලරත්න කුමාරගමයන් ගේ "අයියනායක" කවි පංතියෙනි.
සෙවනැලි අවදි නොම වන වැව් ඉවුරු | කොනේ |
කාලය විසින් හෑරුව නුග ගසක | බෙනේ |
මල කා කළු ව ගිය ආයුද කැබැලි | පෙනේ |
දෙවියකු නැතත් එහි බලයක් තිබෙනු | දැනේ |
උපුටා ගත්තේ ඉශාන් ලියනගේ.
මේ කවි කුමරතුඟුවන් ගේ විරිත් වැකියෙනි.
ඔබ මහ කිවියෙක් - වෙත් වා අරුත් පද වැකි
සැම පිරිසුදු වී නැඟැ - ඔබට මඟ සලසා වා
දෙවියන් බොජුනෙහි - පවා නො ලැබියැ හැකි රස
ඉතිරි-ඉතිරී පැතිරැ - ඔබ මුව'ගෙහි රැඳේ වා
උපුටා ගත්තේ අනුරාධ රත්නවීර.