2008-10-05

දවසේ කවිය: 2008-10-05

ගජමන් නෝනා දෙනිපිටියේ නුගරුක ගැන කල වර්ණනාවක්

පින වන දුටු දන සෑ ම ගඟලග පිහිටි කදී ම
තුරු පෙල අවට සැදී ම යූත් සෙ ව නැ ල්

ගණ මේ කුලෙව් දිලී ම විහඟුන් මත රැව්දී ම
සුළඟින් පත් ලෙළ දී ම ඇ ති හැ ම ක ල්

යන එන අය සැපසේ ම එහි ඉඳ ගිම් සැනසී ම
දස දිග අතු විහිදී ම ගි මෙ න වි ස ල්

දෙනිපිටියට ම ඉතා- ම වටිනා මහ නුග දු ම
බල සකි එහි සිත්සේ ම නි ල ඹ ර දු ල්

සැම වර දන මන නන් ද පලබර පුලූපු උයන් ද
නෙකවතු කුඹුරු වලින් ද සැ දැ දෙ ප සේ

පෙමකරවන නිතියෙන් ද සල්පිල් සහ ගෙවලින් ද
එහි සරණා මැති සෙන් ද සැ ණ කෙ ළි සේ

කිවියර වඩු සිතුව ම් ද දැනගත් සිපි ඇදුරන් ද
සැදි දෙනිපිටිය නිමින් ද යු ත් පි ය සේ

නුගතුර තුනුරුසුරෙන්-ද පලකර සක්දේවින් ද
පරසතු රුක විලසින් ද නි බ ඳ දි සේ

උපුටා ගත්තේ සිතුවිලි.

2008-10-04

දවසේ කවිය: 2008-10-04

ගජමන් නෝනා හා ඇලපාත මුදලි ගැන අපි කවුරුත් දන්නවා. ඒ දෙදෙනා අතර හුවමාරු වූ කවි කිහිපයකි මේ.

ඇලපාත මුදලි,

කවි පුතුන් ඇසුරු සිප්සත් දත්රුවැති
ගජනමින් පසිඳු අඟනක් ළඟමඇති
සැම කතුන්ගේ ම සිරිතක් වූපැවැති
හොර හිමින් ගැනුම අත් නෑරමකරති

ගජමන් නෝනාගේ පිලිතුර,

සායේ වැදීලා විත් මෙපුර කිවියරූ
මීයේ වදය මෙන් රස කොට කියතිබොරූ
ලීයේ ඇදය හරිතත් හුය ලාඅඟුරු
වෑයේ ඇදය බැලුවම ඊටත්නපුරු

ඇලපාත මුදලි,

රූබර දිගැසියන් වෙල මැදට බසිමිනේ
ආදර යෙන් කරල්මිටි රැගෙන යනතැනේ
වාසර යෙන් ඉන ඇඳි වත ඉවත්වුනේ
වානර මුව සෙ නැබ මුල සුරති ගතිපෙනේ

ගජමන් නෝනාගේ පිලිතුර,

කේසර එන්ට පළමුව ගිජිඳුගෙදස්සේ
වේසර හට වුවොත් කුරුළුට වෙයිදුස්සේ
ඒ සැර ලියෝ ඇසුවොත් ඔය වගදස්සේ
වානර මුව උලති හම යන තුරුහොස්සේ

උපුටා ගත්තේ සපුමල් ජයරත්න.

2008-10-03

දවසේ කවිය: 2008-10-03

දවසේ කවිය: 2008-09-05 දින පලවූ කවියය මෙසේ ය. ඒ දස්කොන් මරණයට ගෙන යන කල ප්‍රමිලා බිසව කියූ කවිය කි.

සක්මන් කරන මලුවේදී බැදිහාද
සිත් සන්තොසින් දුන් මුව මීබීවාද
ඉක්මන් ගමන් හිමියනි අදයනවාද
දස්කොන් මගෙ නමට ජීවිතදෙනවාද

එම කවියට දස්කොන් පිළිතුරු බැන්ඳේ මෙ ලෙසින් ය.

වෙසෙස් කමලාව රස පහස නො ලැබමා
දසිස් දුනි පොරණ ඇස දුටු පමණටමා
වෙසෙස් නුඹේ අමයුරු පහස ලත්මෙමා
ම හිස් එකක් ගියෙ නම් නුඹෙ නමටකිමා

මෙහි තේරුම සැකවින් මෙසේ ය. රාම-රාවන පුවතෙහි එන සීතාවගේ පහස නො ලැබම, ඇස දුටු පමණින් ම, පුරාණයේ රාවන තම හිස් දහයම දුනි නම්, ප්‍රමිලා දේවියගේ අමයුරු පහස රිසි සේ ලැබ තම එක හිස් දීම කවර වරදකි ද? මේ කියන්නේ දස්කොන් ය.

උපුටා ගත්තේ රජිත් විදානආරච්චි.

2008-10-02

දවසේ කවිය: 2008-10-02

සන්න සහිත පද යනුවෙන් ජන කවියා හැඳින්වුයේ තේරවිලි සිව්පද ලෙස ය. සන්න යනු ගැටළුව නිරවුල් කොට එනම් තේරුම - අර්ථය - ගෙන දෙන යන අදහස බව ව්‍යවහාරයෙන් පැවත එයි. මේ තේරවිලි කවි කිහිපය උපුටා ගත්තේ නෝමන් සිරිපාල මහත්මයා විසින් රචිත "ජනකවි අධ්‍යයනය" ග්‍රන්ථයෙනි.

දස දහසක් සක්වල දෙවියන්ගෙඅණින්
පංච පරදානි ගුරුවර මුදලිඅණින්
දන්ත ධාතු ජයසිරි මහ බෝධිඅණින්
සන්න සහිත පද කීමට වරන්ගනින්

පෙර කලේ කරපු අකුසල්වලඅපලා
මෙම කාලේ විඳිති දුක් පැල්වලටවෙලා
රජ කාලේ පටන් පුරුදුයි පැල්රැකලා
ලොකු රාළේ කියන් පැල්කවිතෝරාලා

එහි තෝරාලා යන්නෙන් කියැවෙන්නේ තේරවිලි යන්නයි.

මෙන්න තේරවිලි කවියක්

ඇස් දහයකි අට බැල්මකි දෙකක්කනා
පා දසයකි අට පයකින් ගමන්යනා
මෙ පස් දෙනෙකි පා සතරකි සැරිසරනා
මේ සන්නේ තේරූ කෙනෙකුන්හපනා

උපුටා ගත්තේ බෝදිනී සමරතුංග.

2008-10-01

දවසේ කවිය: 2008-10-01

මෙය ජන කවිය කි.

අනේ දෙවියනේ මට වුනුවියෝයා
පැළේ පැදුර හොරු අරගෙනගියෝයා
ගෙදර ගිය කලට අඬ දබරබෝයා
පැදුර දුන් කෙනෙක් මගෙ නෑසියෝයා

උපුටා ගත්තේ නිලන්ත පියසිරි, සම්පත් සිටිනාමළුව, හා යජිත් අජන්ත.

2008-09-30

දවසේ කවිය: 2008-09-30

මේ කුමරතුඟුවන්ගේ "දොරට වැඩුම" හි ඇති කවි දෙක කි.

කපුටු හාමි නොසිටැලඟින්
ඇයි ඉන්නේ ඇස්වැමගන්
ගිනි සැර පිට කරනඅගින්
දඬු කඩ නොපෙනෙද එදිගින්

අර කූඩුව මැදින්දිනක්
යන්නට කර නිසාතැතක්
එ සඬුව අප දෙදෙනෙකුලක්
කළ සැටි මට වේයැමතක්

උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි.

2008-09-29

දවසේ කවිය: 2008-09-29

මෙය කුමරතුඟුවන් ගේ "කියවන නුවණ" පළමු පොතේ ඇති කවි පෙළ කි.

හා හා හරිහාවා
කැලේ මැදින්ආවා
හිට ගෙන ගඟගාවා
වට පිට ඇහැලෑවා

කොල දෙකටක්කෑවා
පැන් උගුරක්බීවා
තොල කට ලෙවකෑවා
ඉතිං ඇතැයිකීවා

තබා නිකටගාවා
වීණාවක්වෑවා
මිහිරි සින්දුකීවා
නැටුම් ටිකක්පෑවා

එයින් වෙහෙසවූවා
ඉඳගෙන හතිලෑවා
තණ බිස්සේබාවා
ඇඟ පත සතැපූවා

බිරුම් හඩක්ආවා
ඉහළ වීසිවූවා
කොඳු ඇට හිටැවූවා
කන් දෙක දිගපෑවා

බිරීම ළංවූවා
කඳ හරහටබාවා
සතර පයටපාවා
දීලා "යමු"කීවා

පැදුර උඩින්බෝවා
විදුලි කෙටිලිපෑවා
කොළ සරබරගෑවා
බිරූ කටත්ආවා

බිරීම නැවැතූවා
නාසය බිමගෑවා
ඇහින් රැහැන්ලෑවා
කොයි ද කොයි දහාවා

උපුටා ගත්තේ විරාජ් හා දසුන්ප්‍රිය අනුරාධ.

2008-09-28

දවසේ කවිය: 2008-09-28

මේ කේයස් ‍කවියාගේ සුදොසුදු කවි පෙලේ කවිය කි. කේයස්‍ යනු K.A.S. ය. K.A.S. යනු කළල්ඇල්ලේ ආනන්ද සාගර ය. කළල්ඇල්ලේ ආනන්ද සාගර හිමි පසුව සාගර පළන්සූරිය නමින් හීරළු විය.

ගොඩ මඩ දෙකම සරු සාරයපල බරය
කටුරොද ගම්මනය තරමකපිටිසරය
ඒ ගම මැදින් ගලනා ගඟමනහරය
කඩමණ්ඩිය පිහිටියේ ගමකෙලවරය

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-09-27

දවසේ කවිය: 2008-09-27

මේ ජන කවිය කි.

සසඳ සසඳ සඳ මැද ඇතිසාවුන්ට
මත් කෙළි බඳට දොළදුක් ඇතිඑළදුන්ට
අඩිය සදපු වට නාමලබඔරුන්ට
මල් කැකුලට සිත් බැන්දේකුමරුන්ට

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-09-26

දවසේ කවිය: 2008-09-26

මේ ජන කවිය කි.

සොරබොර වැවේ එගොඩෙත් ඉන්නේවැද්දෝ
සොරබොර වැවේ මෙගොඩෙත් ඉන්නේවැද්දෝ
සොරබොර වැවේ දෙගොඩෙම ඉන්නේවැද්දෝ
අපටත් නෙළුම් මල් හුලන්නටදෙද්දෝ

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-09-25

දවසේ කවිය: 2008-09-25

මේ සිරිත් මල්දමේ f;වැනි කවිය යි.

නරක සිතකින්නම්
හොඳක් නො කළැකි කිසියම්
හොඳක් නො කලේනම්
උපන් ගතියෙන් නැත පලක්නම්

උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි.

2008-09-24

දවසේ කවිය: 2008-09-24

මේ ඊයේ කවියට පිළීතුරු කවිය යි.

වෙල හොඳ මොකද යල මහ පාලු වේනම්
පැල හොඳ මොකද පොද වැස්සට තෙමේනම්
මල හොඳ මොකද අතු අග පරවයානම්
ලිය හොඳ මොකද ඉසි ගොමර මැකේනම්

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-09-23

දවසේ කවිය: 2008-09-23

මේ ජන කවිය කි.

වෙලක මහිම බල මාවීපැසීලා
පැලක මහිම බල බට කොලහොයාලා
මලක මහිම බල අතු අගපිපීලා
ළියක මහිම බල ගෝමරඉසීලා

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-09-22

දවසේ කවිය: 2008-09-22

මේ සිරිත් මල්දමේ දෙවැනි කවිය යි.

හොඳ ලෙසහැදීමට
හොඳ සිත ඕනෑහැම විට
නරක සිත්ඇති විට
නරකම යි සිදු වන්නේඅප හට

උපුටා ගත්තේ රාජිත.

2008-09-21

දවසේ කවිය: 2008-09-21

මේ ලෝ වැඩ සඟරාවේ සිව්වැනි කවිය යි.

මනරම්නර දම් සැරිදම්සඟනට
මෙලෙසින්බැතියෙන් අදරින්නිමකොට
වෙසෙසින්පෙළ දම් නොමදත්දනහට
පවසම්කළ කම් පල දැන්හෙළු කොට

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-09-20

දවසේ කවිය: 2008-09-20

මේ අලියා වැටුණු වැව ඇතුළු ආණමඩුවේ රාජකාරි කළ ඩී ආර් ඕ මහත්තයා වූ විමලරත්න කුමාරගම මහතාගේ අයියනායක කවි පෙලේ කවිය කි.

බුද ගුරු ශනි හිරු ට හිමි හැම දවස්වල
මේ සංහිඳේ එළියක් ඇත සවස්කල
ලෙඩ දුක් වලින් මිදුමට බාරයක්කළ
සැම දෙන එතැන රැස් වෙති ගම ගෙවල්වල

උපුටා ගත්තේ සුජීව කුමාර.

2008-09-19

දවසේ කවිය: 2008-09-19

පුරාණයේ පටන් අපේ ඇත්තන් මොනවා කරන්නත් කලියෙන් තමන්ගේ ආගම දහම සිහි කොට, වැඳ අවසර ගත්තා. ඔන්න අපේ ඉතිහාසය ගත්තොත්, විවිධ නාඩගම්, නූර්ති, ජන වහර කටවහරේ එන නොයෙක් කතා සහ අප ජන සමාජයේ පවතින සිරිත් විරිත් වලින් මේ බව තව දුරටත් ඔප්පු වෙනවා අපේ ජන ජීවිතය බුදුන් දහම් සඟුන් ඇතුලු ත්‍රිවිධ රත්නය කෙරෙහිද නොපෙනෙන තිස් තුන් කෝටියක් වූ දෙවි දේවතාවුන් වහන්සේලා සමග ද බැඳී තිබුනේය. ස්වභාව ධර්මයේ සියලු වස්තූන් දේවත්වයේ ලා සැලකීමට ඔවුහූ එකල පුරුදු වී සිටියෝ ය. අව්ව වැස්ස ඉර හඳ සුළං තම භව බෝග සහ අස්වැන්න කෙරෙහි බලපෑම් ඇතිකරන එක්තරා අභිචාරී බලවේගයකැයි ඔවුහු විස්වාස කළෝය. ඉතින් කරන්නට යන ඕනෑම කාර්ය්‍යයකට කලියෙන්, ඒ කිව්වේ ඕනෑම හොඳ වැඩකට කලියෙන් බුදුන් දම් සඟුන් වැඳ අවසර ලබා ගන්නා පුරුද්දක් අප ජන සමාජයේ පවතී. ඕනෑම වැඩකට යන්නට කලියෙන්, ආගම ධර්මය සිහි කරන්නෙත්, දෙමාපියන් වැඳ අවසර ගන්නෙත් ඒ නිසයි.

බුද්දං සරණේ සිරසදරාගෙන
දම්මං සරණේ හිතපහදාගෙන
සංඝං සරණේ සිවුරුදරාගෙන
ඉඤ්ඤයි තුන් සරණේඅදහාගෙන

බුද්දංසරණයෙන්බුදු ගුණකියනවරං
දම්මංසරණයෙන්දම් ගුණකියනවරං
සංඝංසරණයෙන්නව ගුණකියනවරං
මේ තුන්සරණයෙන්මුඛ දිවිහරිනවරං

උපුටා ගත්තේ බෝදිනී සමරතුංග.

2008-09-18

දවසේ කවිය: 2008-09-18

කුමරතුඟු මුනිදසුන්ගේ කවි ශික්‍ෂාව පොතේ තිබුණු කවිය කි. ඊයේ කවියට පිළිතුරු කිවිය.

තරුණමුවා-ගත හෙබි එව්කනකමුවා
කනයොමුවා-උන් වෙත ගොස් විදැලමුවා
උන ද,මුවා-නො වෙමින් කෙළැ කෙළැහමුවා
නොවිදිමුවා-අපි කම් නැති මහලුමුවා

උපුටා ගත්තේ රජිත් විදානආරච්චි.

2008-09-17

දවසේ කවිය: 2008-09-17

කුමරතුඟු මුනිදසුන්ගේ කවි ශික්‍ෂාව පොතේ තිබුණු කවිය කි.

නැමි බැම වකගසා-පෑ අනැඟිදුන්නෙක
කොණෙකින්බැලුමැ'සා-රුදු විස පෙවුසරෙක
මෙ මැ දෙ කරුණනිසා-තෙපි ළඳනිසබරෙක
අප සරඟෙව්තොසා-විද නො ගනු ද,දිනෙක

මහල්ලෙක්, තරුණ කාන්තාවන් පිරිසකට කී කවියෙකි. මෙයට පිළිතුරු කවිය හෙට බලා පොරොත්තුවන්න.

උපුටා ගත්තේ රජිත් විදානආරච්චි.

2008-09-16

දවසේ කවිය: 2008-09-16

සීගිරි ගලේ රාවණ දෙවි විලසැදුවා
සීගිරි ගලේ විස්කම් සිත්තම්කෙරුවා
සීගිරු රුවෙන් මන්දෝදරිසිහිවෙනවා
මෙතුන් පදේ මම නිසි ලෙසවිසඳනවා

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-09-15

දවසේ කවිය: 2008-09-15

මේ ගණදෙවි හෑල්ලේ ගණදෙවි උපත යි.

ආයුබෝ වෙන සෙතා
ඉසුරු වරමින් යුතා
උමාහණ දළ නෙතා
ඉසුරු එබිසෝ වෙතා

ගැබ කුමරු හටගතා
දිනෙන් දින මෝරතා
දොළ උපත හටගතා
රසමියුරු ගෙණ දෙතා

එ‍‍දොළ සන්සිඳුවතා
එසත් මස පිරිගතා
දෙතන පුඩු කළු වෙතා
කිරිබරින් සිටගතා

නව සදෙව් රුවිනිතා
දස එකඩ මස වෙතා
විළිරදය පහරිතා
ගුරු දිනේ බිහිවෙතා

උපුටා ගත්තේ නිරංජන් මීගම්මන.

2008-09-14

දවසේ කවිය: 2008-09-14

කවිය ශෘංගාරය ම නොව මානව දයාව එනම් අපි අප දකින අයුරු පෙන්වන කැඩපතක් ද වෙනවා. විමලරත්න කුමාරගම කවියාගෙන් ඇරඹි මේ ගමන මහගම සේකර, මොනිකා රුවන්පතිරණ, රත්න ශ්‍රී විජේසිංහ ආදීන් විසින් ඉදිරියට ගෙන ගියා. ඒ පාරේ යන නව කවියකු වන ලක් ශාන්ත අතුකෝරළයන් (ඔහු මෙවරත් හොඳම කවි පොතට හිමි රාජ්‍ය සම්මානය දිනා ගත්තා) ලියූ “අමාවකේ සඳක් සිඹිමි” කවි එකතුවේ එන “කාස කස කාරයා” කවිය මෙවර මා කැමති කව ලෙස දක්වමි.

කාස කස කාරයා

සිරි සිරි ගා
සිලි සිලි බෑගයෙන්
පැන්නා හාල් ඇට
ඈතට ගොස් බලා සිටියා
ටොෆී දෙකක්!

රිය පහර කෑ දුප්පතා
වැටී ගැහෙයි
'වතුර වතුරැ' යි මතුරමින්
ජීවිතය කෙමෙන් බැස යයි;
රතු පාටින් ගලා යයි.

දුලබ දසුනට ලොබව
වට වූ දනෝ
බලත් ඒ කරුණා - වීර රස පිරි නළුව

බෝ තෘප්තියෙනි උන්
තමන් රියෙක නොහැපුම ගැන
ඒත් ළං නම් නොවෙත්.
සිරුර පුරා දරතත් උඩඟුවෙන්
පිටත දී අපුලය දුඟද ඒ රත.

අසරණයාගෙ තොල'ග
දිය පොදක් ගාන්ට
වැස්සක් වහින්ටම ඕන ද?

මදක් නැවතී එබී සුව යහන් පිට
නැවත සැර දමා යති
රිය සක කරකවා
'මිය නොයන මිනිස්සු'

කා..ආ..ස කාරයෙක්
කියති සමහරෙක්

හා! කතා කරපන් හාල් ඇට!
කතා කරපන් පුංචි ටොෆී දෙක!
කියාපන් කාස කාරයෙක්දැයි මේ.

කියනු ඇක නුඹලා නිසැකවම
මේ මිනිසා
ජීවිත පෙරහරේ වෙහෙසෙන
කස කාරයෙකුම යැයි;
හොඳ තාත්තා කෙනෙකු යැයි!

උපුටා ගත්තේ වසන්ත දේශප්‍රිය.

2008-09-13

දවසේ කවිය: 2008-09-13

මේ ගණ දෙවි හෑල්ලේ කවිය කි.

ගණදෙවියන් නුවණදෙන්න
සරස්වතී පහළවන්න
සියලු රෝග දුරුකරන්න
නිතර වඳිම්තුනුරුවන්න

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-09-12

දවසේ කවිය: 2008-09-12

මේ වදන් කවි පොතේ 20 වැනි කවිය යි.

ගොසකුරු නොම ගොසකුරු යනදෙවගෙකි
තොස වන දනිතය සිතිලයදෙවගෙකි
නිසසය නිසිතය යන කුරුදෙවගෙකි
බස පෙර ඇත සෝඩියෙ කරුදෙවගෙකි

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-09-11

දවසේ කවිය: 2008-09-11

මේ ලෝ වැඩ සඟරාවේ තෙවැනි කවිය යි.

සිරිමත් බඹ සිරසෙහි පාපිසිනා
සැරියුත් මහමුගලන් පිළිවෙළිනා
පිළිවෙත් සරු මහ සඟගණසොබනා
මුදුනත් බැඳ නමදිම් බැතිපෙමිනා

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-09-10

දවසේ කවිය: 2008-09-10

මේ බුද්ධ ගජ්ජයේ දෙවැනි කවිය යි.

ජය ජය ධර්‍මරාජ
ජනකෘත ශර්‍මපූජ
අසදෘශ බුද්ධජලීල
අතිපරිශුද්ධජශීල

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-09-09

දවසේ කවිය: 2008-09-09

මේ කුමරතුඟු මුනිදසුන් ගේ ශික්ෂා මාර්ගයෙහි එන කවියකි.

ගස වතුසුදු
වී පිරිසිදු
පොහොය නැතදු
සිල් ගත් බඳු

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-09-08

දවසේ කවිය: 2008-09-08

මේ ලෝ වැඩ සඟරාවේ දෙවැනි කවිය යි.

ඇම පම ණින් පැවසූ මුනි දැනතතු
මෙම හැම දෙන බලවයි දැක්වියයුතු
ත ම තම නැණ පමණින් දැනගතයුතු
මම නම දිම් සදහම් පහදාසිතු

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-09-07

දවසේ කවිය: 2008-09-07

මේ සැළලිහිණි සන්දේශ‍යේ 15 වැනි කවියි .

නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩිගෙඩි
පුල හෙළ කුසුම ලිය පිය තෙපල රන්කෙඬි
සල සුදු සෙමෙර සෙසත් ගිජිඳුනොදවැඩි
බල සුබ නිමිති පෙරමග නැකතටත්වැඩි

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-09-06

දවසේ කවිය: 2008-09-06

කොකා වෙලේ හොද්දලිපේ
අමු කුඹුරේ පිට්ටුලිපේ
මොකැ පුතේ උඹේකටේ
ඇයි මාමේ හකුරුකැටේ

උපුටා ගත්තේ සිතුවිලි.

2008-09-05

දවසේ කවිය: 2008-09-05

දස්කොන් මරණයට ගෙන යන කල ප්‍රමිලා බිසව කියූ කවිය කි.

සක්මන් කරන මලුවේදී බැදිහාද
සිත් සන්තොසින් දුන් මුව මීබීවාද
ඉක්මන් ගමන් හිමියනි අදයනවාද
දස්කොන් මගෙ නමට ජීවිතදෙනවාද

උතුම් කමලාව රස පහස නොලබම, දසිස් දුනි නම් රාවන... ලෙසින් මෙයට කියූ පිළිතුරු කවිය දන්නා කෙනෙක් ඇත්නම් දන්වන්න.

උපුටා ගත්තේ රෝහණ විජේතුංග.

2008-09-04

දවසේ කවිය: 2008-09-04

මේ සිරික් මල්දමේ කවිය කි.

පව් නම් නරකමය
එයින් දෙලොවෙහි දුකමය
පින් නම් උතුම්මය
එයින් දෙලොවෙහි මහත් සැපමය

පව් කිරීම නරකමය. එයින් මෙලෝ පරලෝ දෙකම දුක ඇතිවේ. පින් කිරීම උතුම්මය. එයින් දෙලො‍ව මහත් සැපම ලැබේ.

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-09-03

දවසේ කවිය: 2008-09-03

ඊයේ කවියට පිළිතුරු කවිය:

වනන්ත‍රේ ගල් උණූවෙනවාහේමා
ගමේ කම්මලේ මිටියෙන් වැඩ‍හේමා
ජල බොර දියෙන් පණ රැකුණාහේමා
මෙතුන් පදේ ගිරයට කිව්වාහේමා

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-09-02

දවසේ කවිය: 2008-09-02

මේ තේරවිලි කවිය කි.

දෙපා දෙකෙන් දුර ගමනක් බෑහේමා
නෙත් දෙකකුත් ඇත නිදිමත නැතහේමා
කුස තුල බඩගිනි උන්දෑට නැතහේමා
මෙතුන් පසේ තෝරන්නට බෑහේමා

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-09-01

දවසේ කවිය: 2008-09-01

මේ ගුත්තිලයේ කවිය කි.

දහසක් දිවැස්ඇති
සදෙවි ලොවටමඅදිපති
මට ඉඳුරුදික්පති
දනෝ සක් දෙවිඳු යයිපවසති

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-08-31

දවසේ කවිය: 2008-08-31

මේ අන්දරේ කියූ කවිය කි.

රිදී කළේ රන් කොතලේ බීපුමට
නිකම් කළේ පැන් නැති වියපිපාසෙට
කොට්ට මෙට්ට ඇඳ ඇතිරීලි තිබුණමට
මෙහෙමත් කල යා ද පලු වීර ගස්යට

උපුටා ගත්තේ සුජීව කුමාර.

2008-08-30

දවසේ කවිය: 2008-08-30

මේ සොකරි නාටකයෙහි ගායනා කෙරෙන කවිය කි.

යාලක් විතර වී අව්වේවනාලා
දොළසක් විතර ඇඟ ගෝමරඉසීලා
අතක් දිගට නිල් වරලසමිදීලා
සොකරි සිටිති වී අව්වේවනාලා

උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි.

2008-08-29

දවසේ කවිය: 2008-08-29

මේ සොකරි නාටකයෙහි ගායනා කෙරෙන කවිය කි.

ආලවඩන පියයුරැ දෙක ළැමදිලිසෙන්නේ
කෝළනැතුව සබයට එළි බැසලානටන්නේ
මාලකරට දමා හැට්ට සළුපළදින්නේ
බාළසොකරි ළමා මෙනුඹ නටාවරෙන්නේ

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-08-28

දවසේ කවිය: 2008-08-28

මේ පතල් කවිය කි.

ඉන්නේ දුම්බරයි මහ කලු ගලක්යට
කන්නේ කරවලයි රට හාලේබතට
බොන්නේ බොර දියයි පුරුවේ කලපවට
යන්නෙත් කවදාද මව්පියෝ දකින්නට

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-08-27

දවසේ කවිය: 2008-08-27

මේ බුද්ධ ගජ්ජයේ පළමු වැනි කවිය යි.

නමස්සමන්තභද්‍රාය
සර්‍වගොචරචක්‍ෂුෂෙ
කරුණාමෘතකලේලාල
සන්‍ධවෙසූර්‍ය්‍යබන්‍ධවෙ

සර්‍වගෝචරචක්‍ෂුෂෙ = සියල්ල විෂය කොට ගත් නුවණැස් ඇති හෙවත් සර්වඥතාඥාණය ඇති,

කරුණාමෘතකලේලාලසිධවෙ = කරුණා නැමැති අමරළපතරට දොහෝ නො හොත් අමා බඳු වූ කරුණා රළපතර ට මුහුදක් බඳු වූ,

සූර්යබන්ධවෙ = සූර්යබන්ධු වූ,

සමනතභද්‍රාය = සමන්තභද්‍ර වූ, බුදුන්වහන්සේ ට,

නමඃ = මා ගේ නමස්කාරය වේවා.

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත සහ දසුන්ප්‍රිය අනුරාධ.

.

2008-08-26

දවසේ කවිය: 2008-08-26

මේ සැළලිහිණි සන්‍දේශ‍යේ කවිය කි.

මිතුරු තුමෝ දුක් සැප දෙකෙහි මපැවති
බිතුසිතුවම් රූ මෙන් පිටුනොපාවිති
යුතුමතු වැඩම තෙපළ එවැනි ගුණඇති
සිතුනතු කර අස යහළුව වඩනරුති

දුකේ දීත් සැපේදීත් නොසැලී එකසේ සිතමින් ලඟින් සිටින මිත‍්‍රයා නියම මිත‍්‍රයෙකි. ඔහු හරියට බිත්තියක ඇඳි සිතුවමක් වැනිය. එම සිතුවම් කවදාවකවත් බලන කෙනාට පිටු නොපායි. එමෙන්ම සෑම කල්හිම යහපතක් සිදුවනදෙය ඔහු කරන අතර අනෙකාටද හොඳ දෙයක්ම කියා දෙයි.

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-08-25

දවසේ කවිය: 2008-08-25

මේ ඔන්චිලි වාරම් කවිය කි.

ඔංචිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
කඩන්ට බැරි කටු අකුලේ
කඩා දියන් මගේ මලේ

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

2008-08-24

දවසේ කවිය: 2008-08-24

මේ සුභාෂිතයෙනි.

අමිත ගුණ නුවන යුතු උතුමෝපබඳ
අනත වෙහෙස ලදුවත් නොම වෙතිදුගඳ
දිගත පතල සුවඳැති සොඳ සඳුන්කඳ
සිදිත මඩිත එක ලෙස පැතිරෙයිසුවඳ

උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි සහ රෝහණ විජේතුංග.

2008-08-22

දවසේ කවිය: 2008-08-23

මේ වදන් කවි පොතේ 39 වැනි කවිය යි.

අඹ දඹ ඇටඹ ද කරඹ දපුදමී
හොලුපලු ලාලු ද ගිවුලු දපුදමී
අතිරස අග්ගල අත්සුණුපුදමී
ගණදෙවි නුවණක් දෙනු පාවඳිමී

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

දවසේ කවිය: 2008-08-22

මේ අන්දරේ ගේ කවිය කි.

බොහොම හොඳට රන්කම් කළ වැඩක්වගෙයි
දේවතුමට මහ බඹු දුන් ලියක්වගෙයි
ලෝකෙ ඉන්න පඬිනට පිස්සුවක්වගෙයි
කොහොඹ ගහට කරවිල වැල ගියාවගෙයි

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

දවසේ කවිය: 2008-08-21

මා බාලේ ඇති කළ තල ගොයිපැටියා
මගේ තනියට ඌ මිදුලේ කෙලිමින්සිටියා
නපුරු සතෙක් අවිදින් ඌ අරන්ගියා
නිවන් පුරේ පලයන් තල ගොයිපැටියා

උපුටා ගත්තේ නිලන්ත පියසිරි.

දවසේ කවිය: 2008-08-20

මේ සුභාෂිතයෙනි.

විපුලගුනැති මහතුන් හට පත්විපත
නිසලනැණින් යුතු උතුමෝ ම දුරලත
කළලගිලුනු මත වරනිදු ගොඩගනුත
තුමුලබලැති ගිජිදෙකු මිස අන්කෙවත

උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි සහ රෝහණ විජේතුංග.

දවසේ කවිය: 2008-08-19

කටේ කිරි සුවඳ යන්න ට පවා බැරිවුනා
යුදට උපන් කුමරෙක් යැ යි නමක් ඇතිවුනා
මුල්ලේරිය වෙලේ වතුර ලෙය ට හැරවුනා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුනා

උපුටා ගත්තේ නන්දලාල් ගුණරත්න

දවසේ කවිය: 2008-08-18

මේ ගැල් කවිය කි.

කලු ගල් තලාලයි පාරටදමන්නේ
එම ගල් පෑගිලයි ගොන් කුරගෙවෙන්නේ
ගොනා නොවෙයි හරකයි බරඅදින්නේ
කිරිගල් පොත්ත කන්දයි අපිනගින්නේ

උපුටා ගත්තේ ශ්‍රීශානු,සහන් තත්තිරිවත්ත,නිලන්ත පියසිරි, හා සුජීව කුමාර.

දවසේ කවිය: 2008-08-17

‍මේ ගොයම් කවිය කි.

රන් දෑකැති ගෙන නිතිසැරසෙනවා
රත් රන් පටි ඉන වටදිලිසෙනවා
රිවි දුටු පිණිබිදු ලෙසපහවෙනවා
දුම්බර කෙතෙ අපි ගොයම්කපනවා

උපුටා ගත්තේ සුජීව කුමාර.

දවසේ කවිය: 2008-08-16

මහාමායා දේවිය දුටු සිහිනය.

දෙනෝ දහක් අඟනෝ මට මල් නෙළුවා
අනොත්ත විල මැද යහනත හිඳුවා
කන්යා ලියෝ දෙන්නෙක් පැන් නෑවෙව්වා
අනෝතත්ත විල මම සීනෙන් දුටුවා

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

දවසේ කවිය: 2008-08-15

සන්නිවේදනය නොදියුණු අතීත යුගයේ නිවසින් බැහැර බොහෝ ඈත අඳුරු පතල තුළ වැඩෙහි යෙදී සිටි පතල් කරුවාට ගෙදර අඹු දරුවන් පිළිබඳ කිසිදු තොරතුරක් දැන ගැනීමට නොහැකි වූ තැන ඔහු ජීවිතයේ කලකිරීම මේ අයුරින් පවසා ඇත.

පිහියක් එවාපන් පපුවට ඇනගන්න
පව්ම්ක් එවාපන් පාසානන්කන්න
ලණුවක් එවාපන් බෙල්ලෙ ලාගන්න
ලියුමක් එවාපන් දුක සැප දැනගන්න

උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි.

දවසේ කවිය: 2008-08-14

පතලේ වැඩකරන ගැහැනු පිරිමින් තුළ හිතවත් කම සීමාව ඉක්ම ගිය තැන් ඇතැම් පතලෙ ගී තුළින් දක්නට ඇත. මේ සිරිගර රසයෙන් යුතු පැදිය ඊට උදාහරණ සපයයි

කලුවන් කලු රුවයි අන්ගෝදිලිසෙනවා
මිනිරන් තෝරන්න දින ගණනින්එනවා
මිනිරන් තේරුවොත් ලඳ නුඹ කලුවෙනවා
ලඟනම් ගෙදර මුර ඇරුනම මමඑනවා

උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි.

2008-08-13

දවසේ කවිය: 2008-08-13

මේ සුභාෂිතයේ 39 වැනි කවිය යි.

කුරිරුගොර සපුන්ගේ දළ' ගෙහිවිසය
මදුරුමැසි කැලන්ගේ තුඩ'ගෙහිවිසය
රුදුරුනුහුසුවන්ගේ වල'ගෙහිවිසය
නපුරුදුදනන්ගේ සියල'ඟෙහිමවිසය

අරුත: විස ගොර සර්පයින්ගේ විස ඇත්තේ දළ අගෙහි ය. මදුරුවන් ගේ විස ඇත්තේ තුඩ අගෙහිය. රුදුරු ගෝනුස්සන්ගේ විස ඇත්තේ වල්ගයේ අගය. නමුත් නපුරු දුදනන් (මිනිසුන්) ගේ මුලු සිරුර පුරාම විසය; යනුවෙන් දුදනන්ගේ පාපී බව, නපුරු බව කියා පායි.

උපුටා ගත්තේ දසුන්ප්‍රිය අනුරාධ.

2008-08-11

දවසේ කවිය: 2008-08-12

මේ වෙද ගැටය කි.

අනේදෙවියනේ මට මතකනැතිකොට
වනේලා කොටා වේලාපදමකට
තනේමවුන්ගේ කිරි සමඟඑක්කොට
කනේවක්කරන් තද බඩරුදාවට

වෙද ගැටවලින් කැරෙන්නේ අරුත සඟවා කීම ය. මේ බෙහෙත කියන්නේ, අම්ලපිත්ත රෝගය නම් වූ බඩේ දැවිල්ලට ය.

‘අනේ දෙවියනේ මට මතක නැති කොට’ යන්නෙන් අදහස් කරන්නේ රසකිඳ ය. ‘තනේ මවුන්ගේ කිරි’ යන්නෙන් අදහස් කරන්නේ ‘එළකිරි’ ය. ‘කනේ’ ය කියන්නේ ‘කටේ’ය යන්නටය

පණ්ඩිත විලියම් අල්විස් වෙද ‍මහතා ගේ මෙම වෙද ගැටය, ඩී. එෆ්. කාරියකරවන සුබැසියන් විසින් සිළුමිණ පුවත් ප‍තහි සදොස් නිදොස් තීරුවේ පළ කරන ලදී.

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

දවසේ කවිය: 2008-08-11

මා වැනිබිලින්දා
වර වර ලඟටකැන්දා
දුක් සැපකුමන්දා
අසන නිරිදෝ වෙනකොයින්දා

මේ කවිය හා 'දත් කැකුලු පාලා' කවිය තොටගමුවේ ශ්‍රී රාහුල හිමි කුඩා කළ කියූ බවට මතයක් තිබේ. කුඩා කාලයේ පියා අහිමි වීමෙන් පසු පැවිදි වන තෙක් රාහුල හිමි හැදී වැඩී තිබෙන්නේ එවකට රජු වූ සවත පැරකුම්බා රජුගේ පුතෙකු ලෙසයි. රාහුල හිමිගේ පියා රදළ පරපුරකින් පැවත එන්නෙක්.

උපුටා ගත්තේ නන්දලාල් ගුණරත්න හා අරවින්ද.

දවසේ කවිය: 2008-08-10

දත් කැකුලුපාලා
සුරතල් සිනාසී ලා
බොළඳ බස්දීලා
කෙළී සියොලඟ දූලිගාලා

උපුටා ගත්තේ දසුන්ප්‍රිය අනුරාධ.

දවසේ කවිය: 2008-08-09

මේ ගැල් කවිය කි.

තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා
කටු කැලේ ගාල නොලිහා වද දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ දනවා
පවු කල ගොනෝ ඇදපන් හපුතල් යනවා

උපුටා ගත්තේ දසුන්ප්‍රිය අනුරාධ.

දවසේ කවිය: 2008-08-08

මේ පාරු කවිය කි

ඔන්න මලේ ඔය නා මල නෙළාවරෙන්
අත්ත බිඳෙයි පය බුරුලෙන් තබාවරෙන්
කැළණි ගඟේ ඔරු යනවා බලාවරෙන්
සාදු කාර දී ඔරුවක නැගීවරෙන්

උපුටා ගත්තේ වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි.

දවසේ කවිය: 2008-08-07

සිංහළ ගැමි ගීයේ පැල් කවියට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. හේනේ කුඹුරේ පැල් රැක්මට යන ගැමියා සතුන් පලවා හැරීමටත් තමන්ට ඇතිවන බිය, කාන්සිය, මහන්සිය තුරන් කර ගැනීමටත් පැල් කවිය හඬ නගා ගයා ඇත.

ලස්සන හිමවතේ මා වීපැසෙන්නේ
දුක් දෙන අලි ඇතුන් පන්නාහරින්නේ
රැකමෙන දෙවියනේ වෙල් බතබුදින්නේ
දුප්පත් කම නිසයි මා පැල්රකින්නේ

උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි.

දවසේ කවිය: 2008-08-06

ත්‍රිපිටකයෙහි ඛුද්දක නිකායේ පාරායන වග්ගයේ සුත්ත නිපාතයේ අජිත සූත්‍රයෙන් උපුටා ගන්නා ලදී. අජිත තවුසාගේ පැනයට බුදු රදුන් ගේ පිලිතුර.

පබැඳුම: පූජ්‍ය තල්ගස්වැවේ සීලානන්ද ස්වාමීන් වහන්සේ

ලොවේ සිටින සියලු සතුන් අවුරා ඇති දේමොකක්ද?
තමන් එලෙස වැසී සිටින බව නොදකින දේමොකක්ද?
සැම සතුනගෙ ජිවිතවල තැවරී ඇති දේමොකක්ද?
සෑම දෙනට මුහුණ දෙන්න සිදුවන මහ බියමොකක්ද?

 

වැසී ඇත්තෙ ලොවේ සැමසත අවිදු අඳුරිනි සැමඅතින්
ප්‍රමාදය හා මසුරුබව ඇති දනන් නොදනී එයසිතින්
තැවරි ඇත්තේ ජීවිතේ තණහාවෙනුයි මනසින්නිතින්
දුක තමයි හැම දෙනා හට බිය වෙන්න ඇති මහ බයඉතින්

උපුටා ගත්තේ නන්දලාල් ගුණරත්න

2008-08-05

දවසේ කවිය: 2008-08-05

මාතර ගඟේ ඉන්නා කිඹුලි ගෙපැටියා
තල්ල දිගයි බෙල්ලේ ගෝමරකැටියා
යන එන පාරු නවතාගෙනසිටියා
මිනී නොකයි මාතර කිඹුලි ගෙපැටියා

උපුටා ගත්තේ නන්දලාල් ගුණරත්න හා වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි.

මාතර ගඟේ කිඹුලි යන අන්වර්ත නාමයෙන් හඳුන් වන්නේ කවුද?

දවසේ කවිය: 2008-08-04

මේ ළමා කවියකි

මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ
පැහිල ඉදිල බිමට වැටිල බරවෙලා අතු
නංගිට යි මට යි ගෙඩි දෙකක් ඇති
වැඩිය කඩන නරක ළමයි එම නොවේ අපි

උපුටා ගත්තේ නන්දලාල් ගුණරත්න.

දවසේ කවිය: 2008-08-03

මේ බුදු ගුණ අලංකාරයේ 137 වැනි කවිය යි.

බොරු වේ මතුරුබැඳ
වලහන ලෙවන් හැමසඳ
බමුණන් ගෙන්දුලද
වැඩක් වූයේ ලොවට කිකල ද

බොරු වෙද මන්ත්‍ර ගොතා හැම විට ම මහජනයා රවටන මිථ්‍යා ලබ්ධීන් වැළද ගත්, බ්‍රාහ්මණයන් ගෙන් ලෝකයාට යහපතක් වූයේ කවර කලක ද?

උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි.

2008-08-03

දවසේ කවිය: 2008-08-02

ඊයේ කවියට පිළිතුරු කවිය:

අට පහ නොදන්නා බව කාගේකවුද
බසක් නැතිව එන්නට කීවේකවුද
ගසක් නැතිව දලු ලියලන්නේකොහෙද
මල්ලට දෙමල්ලක් කාපිය මටමොකද

උපුටා ගත්තේ අනුරාධ රත්නවීර.

දවසේ කවිය: 2008-08-01

මේ තේරවිලි ජන කවියකි.

මිණි මිණි පොදේ ගණ අඳුරේ කනමදුරු
බල්ලෙක් ඉඳං උඩු බුරලයි උගෙනපුරු
කෙල්ලෙක් ඉඳං දොර නාරියි ඇගෙනපුරු
මල්ලක් කදුරු කඤ්ඤං හනික දොරහරු

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

දවසේ කවිය: 2008-07-31

මෙය ගුත්තිල කාව්‍යයේ එන උදේනී පුර වැනුමෙහි ගැනෙන කවියකි.

සරාසලෙළු දනසතොසේ
සුරාපාන කරනලෙසේ
පුරාඅවුළු නොයෙකරසේ
සරාඅවන් හල්සහසේ

උපුටා ගත්තේ සම්පත් විජේතුංග.

දවසේ කවිය: 2008-07-30

මේ ඇස්. මහින්ද හිමියන්ගේ දේශාභිමානී කවියකි.

මගේරට මගේ ජාතිය මගේගම
මගේසත් සිරිත් සහ ජාතිකඋරුම
මගේවැරෙන් නිදහස් කරගැනුම
මගේයුතුකමැ යි සිතවු දෙනසැවොම

උපුටා ගත්තේ වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි.

2008-07-31

දවසේ කවිය: 2008-07-29

කම්මැලිකොල්ලනේ
පොල් කටුව ගෙනඅතිනේ
පලයව්හිඟමනේ
තොපට නැත කිසි වැඩක් මෙතැනේ

උපුටා ගත්තේ නන්දලාල් ගුණරත්න.

දවසේ කවිය: 2008-07-28

මේ වදන් කවි පොතේ 33 වැනි කවිය යි.

වේවැල් කෝටු නාරං සියඹලාඅතු
කිතුල් පොල් ඉරටු වැල් කසඹිලියඅතු
මෙ හැම ඉපල් මගෙ දෑතට නොපෑයුතු
පමා නොවී එමි අකුරට මෙයින්මතු

උපුටා ගත්තේ විරාජ් කාලිංග.

2008-07-28

දවසේ කවිය: 2008-07-27

මේ ජන කවියකි:

අයිය යි මම යි අමු කිරි ගල්ගියෙම්මා
අමු කොටලා බත් දුන්නෙයිකුඩම්මා
මොණර මාලු උඩහල්ලේතියෙම්මා
අපට මාලු අල කොළ දැයිකුඩම්මා

අම්මා නැති දරුවනට කුඩම්මාගෙන් හිමි විය හැකි දුක් හා අසාධාරණ ගැන මොණර මාලු උඩහල්ලේ ඇති බැව් දැක දැකත් අල කොළ මාලු සමග බත් කන කුඩා දරුවකු ගේ දුක් බර වදන් වලින් කීමට ජන කවියා සමත් වී ඇති සැටි!

උපුටා ගත්තේ වසන්ත දේශප්‍රිය.

2008-07-27

දවසේ කවිය: 2008-07-26

මේ සුභාෂිතයේ 20 වැනි කවිය යි.

පින් මඳපුතුන්සියයක් ලදුවත්නිසරු
ගුණ නැණබෙලෙන්යුතු පුතු ම ය ඉතාගරු
එක පුන්සඳින්දුරු වෙයි ලොව ගනඅඳුරු
නෙක තරුරැසින්එ ලෙසට නොම වේ යදුරු

අරුත: පින් අඩු (පව්කාර) පුතුන් (දරුවන්) සියයක් සිටිනවාට වඩා, ගුණ නුවණින් පිරුණු එක් පුතකු (දරුවකු) සිටීම වටනේ ය. එක පුර සඳෙන් ලොව ගන අඳුර දුරලූවත්, නා නා විධ තරු රැසක් පෑයූව ද එ ලෙස අඳුර දුරලිය නොහැක්කා සේ ය.

උපුටා ගත්තේ දසුන්ප්‍රිය අනුරාධ.

2008-07-25

දවසේ කවිය: 2008-07-25

මේ බුදු ගුණ අලංකාරයේ 198 වැනි කවිය යි.

බව දුක් ගිනිනිවන
සත මඟ පෙලෙන පිනවන
නැත සරි වන දෙවන
කෙනෙක් මුනිඳුට තිලෝගුරුවන

අරුත: බව දුක නම් වූ ගින්න නිවන, සත්ත්වයා මාර්ග ඵලයෙන් පිනවන, තිලෝගුරු බුදු රදුන්‍‍ට සම වන ‍හෝ උන් වහන්සේ දෙ වැනි තැනට පත් කරන කිසිවෙක් නැත.

උපුටා ගත්තේ රුක්ෂාන්.

2008-07-24

දවසේ කවිය: 2008-07-24

මේ ලෝ වැඩ සඟරාවේ ඇරැඹුම් කවිය යි.

සෙත් සිරි දෙන මහ ගුණ මුහුදාණන්
ත් හට වන බව දුකට වෙදාණන්
තිත් ගනදුර දුරලන දිනිඳාණන්
සිත් සතොසින් නමදිම් මුනිඳාණන්

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

දවසේ කවිය: 2008-07-23

මේ කුමරතුඟු මුනිදසුන් ගේ ශික්ෂා මාර්ගයෙහි එන කවියකි.

මහ පුදුමෙකි
මලෙක මලෙකි
නැහැ එහි සකි
සමනලයෙකි

උපුටා ගත්තේ ශ්‍රීශානු.

2008-07-23

දවසේ කවිය: 2008-07-22

මෙය ගුත්තිල කාව්‍යයේ එන ගි මත් විරිතෙන් ගැනෙන කවියකි:

ගල මුනිඳුමත්තේ
හෙත කිසිවක් නොදත්තේ
ගලෙක්පිළිගත්තේ
එහෙව් ගුණ මොහු නොපිළිගත්තේ

උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි.

2008-07-22

දවසේ කවිය: 2008-07-21

මේ කවිය වෙසතුරු දා කවෙනි (වෙස්සත්නර ජාතක කාව්‍යයෙනි).

දරා ගන්ට බැරිවිය උනුනුන් දුටු සන්තොස මගෙම්මේකර
දරා වෙහෙස දුක්‌ කිසිවක්‌ නැතිවිය එහි ගිය විගසිම්මේ
පුරා අවට සිටි මහසේනාවද හැඩී තුටු කඳුලිම්මේ- එම
වරා පැවති පියකරු ගති කීමට බැරි එක මුවකිම්මේ

උපුටා ගත්තේ නිරංජන් මීගම්මන.

2008-07-20

දවසේ කවිය: 2008-07-20

මේ සුභාෂිතයේ ඇරැඹුම් කවිය යි.

සත වෙත පත මෙත සඟ හස සෙවිපසිඳූ
අවනත සුර මත මිණි තර සරපුබුදූ
දිගු රතඟිලි දළ පෙළ මොක් සුවඳරැඳූ
සිය පත සිය සිය පත සිය පතනමඳූ

උපුටා ගත්තේ රජිත් විදානආරච්චි.

දවසේ කවිය: 2008-07-19

මේ කවිය විමලරත්න කුමාරගමයන් ගේ "අයියනායක" කවි පංතියෙනි.

සෙවනැලි අවදි නොම වන වැව් ඉවුරු කොනේ
කාලය විසින් හෑරුව නුග ගසක බෙනේ
මල කා කළු ව ගිය ආයුද කැබැලි පෙනේ
දෙවියකු නැතත් එහි බලයක් තිබෙනු දැනේ

උපුටා ගත්තේ ඉශාන් ලියනගේ.

2008-07-19

දවසේ කවිය: 2008-07-18

මේ කවි කුමරතුඟුවන් ගේ විරිත් වැකියෙනි.

ඔබ මහ කිවියෙක් - වෙත් වා අරුත් පද වැකි
සැම පිරිසුදු වී නැඟැ - ඔබට මඟ සලසා වා

දෙවියන් බොජුනෙහි - පවා නො ලැබියැ හැකි රස
ඉතිරි-ඉතිරී පැතිරැ - ඔබ මුව'ගෙහි රැඳේ වා

උපුටා ගත්තේ අනුරාධ රත්නවීර.